Featured News

Video Gossip

Advertisement

මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නැවතී සිටමින් පන්සල රැක බලාගත් දායකයෙකු හදීසියේම මිය යාම හේතුවෙන් මරණය සැක සහිත බවට ඥාතීන් ප්‍රකාශ කිරම නිසා (08) දින රෂ පරික්ෂක වාර්ථාවක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.
වැලිඔය ජනකපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි නිමල් නැමති පුද්ගලයා මීට පෙර අපවත්වී වදාල ගුරකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ප්‍රධාන උපස්ථායක වශයෙන් කටයුතු කොට ඇත.

කෙසේ වෙතත් පන්සලේ ආවතේව කටයුතු කරමින් සිටි මොහු ආවාස ගෙයි ඉදිරිපස (07) උදෑසන මිය ගොස් සිටියදී හමු වී ඇති අතර හෘදයාබාදයක් හේතුවෙන් මිය යන්නට ඇති බවට මුලතිව් පොලීසිය සැක පල කර ඇති අතර ඥාතීන් විසින් මරණය සැක සහිත බවට ප්‍රකාශ කිරීමෙන් පසුව මුලතිව් මහරෝහලේදී මරණ පරික්ෂණ කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements