මුස්ලිම් ජාතිකයන් ආදාහනයට විරුද්ධ නෑ - අනවශ්‍ය කලබලයක් ඇතිකළේ ආණ්ඩුවමයි - අබ්දුල් රාසික්ගෙන් ආණ්ඩුවට චෝදනා
Abdul Rasik
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
gossipmain
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
අර්බුදය ඇති වූයේ භූමදානය කළහැකි බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී ඒ සඳහා අවසර ලබා නොදීම
මුස්ලිම් සමාජයෙන් ඉල්ලනව රජය අපහසුතාවයට පත් කරන්න එපා කියල
මුස්ලිම් ආගමික නීතිවලට අනුව සුවිශේෂ අවස්ථාවලදී, මුස්ලිම් පුද්ගලයෙකු මියගිය විට භූමදානය නොකිරීම සඳහා අවසර තිබෙන බව සිලෝන් තවුහීද් ජමාත් සංවිධානයේ සභාපත් අබ්දුල් රාසික් මහතා පවසනවා. රටතුළ පවත්නා තත්වය හමුවේ මුස්ලිම් ජාතිකයන් මියගිය විට ඔවුන් ආදාහනය කිරීම සඳහා තම සංවිධානය විරෝධය පළ නොකරන බවත්, එහෙත් මුස්ලිම් ජාතිකයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් රජය නිවැරදිව මුස්ලිම් සමාජය දැනුවත් කළයුතු බව ද ඔහු පවසනවා.
මීගමුවේ මුස්ලිම් ජාතිකයා මියගිය අවස්ථාවේදී ඔහු ආදාහනය කිරීම අර්බුදයක් දක්වා රැගෙන ගියේ ආණ්ඩුව විසින්ම බවට ඔහු චෝදනා කරනවා.
අදාල පුද්ගලයා ආදාහනය කරන විට මෙරට රජය විසින් ආදාහනයට මෙන්ම භූමදානය සඳහා ද අවසර ලබාදෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බව පෙන්වා දෙන අබ්දුල් රාසික් මහතා, එම චක්‍රලේඛය වලංගුව තිබියදී ආදාහනය කිරීම හේතුවෙන් මුස්ලිම් සමාජය තුළ දැඩි කලබලයක් ඇති වූ බව අවධාරණය කරනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයද කොවිඩ් වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන් භූමදානය කිරීම වැරදි නොවන පෙන්වා දී ඇති බවත්, දැනටත් ඉතාලියේ මියයන පුද්ගලයන් සමූහ මිනි වලවල්වල භූමදානය කිරීම සිදුකරන බවත් සිලෝන් තවුහීද් ජමාත් සංවිධානය පෙන්වා දෙනවා.
අර්බුදය ඇති වූයේ භූමදානය කළහැකි බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී ඒ සඳහා අවසර ලබා නොදීම බව රාසික් මහතා පවසවා. කෙසේ වෙතත් මේ වනවිට ආදාහනයට පමණක් අවසර ලබා දී ඇති හෙයින් මුස්ලිම් සමාජය එම නීතියට ගරු කරන බවද ඔහු පවසනවා. රජය අපහසුතාවයට පත් නොකරන ලෙස ද ඔහු මුස්ලිම් සමාජයෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් භූමදානය සඳහා අවසර ලබා දෙමින් නිකුත් කළ චක්‍රලේඛය සහ ඉන්පසු එය අහෝසි කරමින් ආදාහනය පමණක් සිදුකළ යුතු බවට නිර්දේශ කරමින් නිකුත් කළ නව චක්‍රලේඛය සම්බන්ධයෙන් හා ඊට අදාල ජීවවිද්‍යාත්මක කාරණා සම්බන්ධයෙන් රජය තවදුරටත් මුස්ලිම් සමාජය දැනුවත් කළයුතු බව ද අබ්දුල් රාසික් මහතා පවසනවා.
මෙම තත්වය තිබියදී වුවද මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම සඳහා අවස්ථාව ලබා ගැනීමට රජයට බලපෑම් කිරීම සඳහා මුස්ලිම් සමාජය සියලු සංවිධාන, ආගමික කණ්ඩායම් එකතු වියයුතු බව ද ඔහු අවධාරණය කරනවා.

