Featured News

Video Gossip

Advertisement




ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් නගා ඇති චෝදනා සම්බන්ධයෙන් කණගාටු වන බව හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඇමරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන අරමුදල් අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවල ක්‍රියාත්මක කරන වැඩසටහන් වලට එරෙහිව දැවැන්ත අහිතකර බලපෑමක් ඇති වනු ඇති ද ඔහු කියා සිටී.

රනිල් වික්‍රමසිංහ මහතා  විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත මේ සදහන් කරමින් ලිපියක් යොමු කර ඇත.

එම ලිපියේ සිංහල පරිවර්තනය මෙහි දැක්වෙයි.

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති,
අතිගරු ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමණි,

ඇමරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව නගා ඇති චෝදනා පිළිබඳව මම දැඩි අවධානය යොමු කළෙමි. ඒවා බරපතල වන අතර නිසැකවම විමර්ශනයට ලක්කළ යුතුය.

කෙසේ වෙතත්, මෙම කොවිඩ් 19 ගෝලීය වසංගතය පෙර නොවූ විරූ අයුරින් සෑම රටකම දේශීය ආර්ථිකයට හා සිවිල් ජීවිතයට බලපා ඇත. එම නිසා ඉදිරි මාසවලදී ජාත්‍යන්තර සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ ගැටළු සඳහා ගෝලීය නායකත්වය සැපයීමට වෙනත් බහුපාර්ශවීය ආයතනයක් නොමැති වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අවස්ථාවේදී සිය ක්‍රියාකාරී වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

ඇමරිකානු බදු ගෙවන්නන් සෑම වසරකම ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකානු ඩොලර් මිලියන 400 ත් 500 ත් අතර අරමුදල් සපයන බව මට වැටහේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට සියළුම අරමුදල් අත්හිටුවීමට අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අරමුදල් සපයනු ලබන ශ්‍රී ලංකාව වැනි රටවල ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් කෙරෙහි එය දැවැන්ත හා අහිතකර ලෙස බලපෑමක් ඇති කරනු ඇත.

කෝවිඩ් 19 වසංගතය විසින් ඇතිකර ඇති දරුණු බලපෑම සැලකිල්ලට ගනිමින්, ඔබ ගත් තීරණය නැවත සලකා බලා එක්සත් ජනපද අරමුදල් ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙර පරිදි ලබාදෙන ලෙසත්, යම් වරදක් සිදුවී ඇත්නම් ඒවා විමර්ශනය කොට, පසුව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මම ඉල්ලා සිටිමි.

මාගේ ඉහළම සැලකිල්ල පිළිබඳ සහතිකය, අලුත් කර ගැනීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට මම කැමැත්තෙමි.

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements