කොරෝනා අස්සේ කුසල් මෙන්ඩිස් වාර්තා පොත් අතරට
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Kusal Mendis
,
Latest News
,
neth gossip
,
News
,
Sports
,
Sri lanka
,
web gossip
2017 වසරේ සිට ලොව වැඩිම උඩ පන්දු රකින්නන්ගේ සටහනේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට හිමිව ඇත.
ඒ අනුව කඩුලු රකින්නන් නොවන වෙනත් පන්දු රකින්නන් 2017 වසරේ සිට රැකගත් උඩපන්දු සංඛ්‍යාවේ සටහනේ පළමු ස්ථානය ඉන්දීය නායක විරාත් කෝලිට හිමිව ඇති අතර, එම කාල සීමාව තුළ ඔහු රැකගෙන ඇති උඩපන්දු සංඛ්‍යාව 95කි. එහි දෙවැනි ස්ථානය උඩපන්දු 94ක් රැකගෙන ඇති එංගලන්ත නායක ජෝ රූට්ට හිමිව ඇත.
එහි තෙවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් අදාළ කාල සීමාව තුළ උඩපන්දු 85ක් රැකගැනීමට සමත්ව තිබීමද විශේෂත්වයකි.
දකුණු අප්‍රිකානු හිටපු නායක ෆෆ් ඩු ප්ලෙසිස්ට එහි සිවුවැනි ස්ථානය හිමිව ඇත්තේ අදාළ කාල සීමාව තුළ ඔහු උඩපන්දු 78ක් රැකගෙන ඇති බැවිනි. එහි පස්වැනි ස්ථානයේ රැඳී සිටින එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් උඩපන්දු 80ක් රැකගැනීමට සමත්ව ඇත.
gossip gossip lanka

