Advertisement

ඊයේ (19) දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් 17 දෙනා ගෙන් 10 දෙනෙකු එකම පවුලේ සාමාජිකයින් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඉකුත් මාර්තු 12 වෙනිදා ඉන්දියාවේ සංචාරය කොට පැමිණ අප්‍රේල් මස 15 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් වීමෙන් පසු කොරෝනා ආසාධිතයෙක් බවට හෙළිවූ කොටහේන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදී කාන්තාවගේ නිවසට යාබද නිවසකින් මෙලෙස කොරෝනා ආසාධිතයින් 10 දෙනෙක් හඳුනා ගෙන ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.
එමෙන්ම මෙම කාන්තාවගේ නිවස අසල පිහිටි තවත් නිවසක සිටින ඇගේ ඥාතින් 05 දෙනෙක් ද ඊයේ කොරෝනා ආසාධිතයින් බවට හෙළිවී තිබෙනවා.

එමෙන්ම ඊයේ වාර්තා වූ 16 වෙනි රෝගීයා මෙම කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවගේ සැමියාව සමීපව ඇසුරු කළ පුද්ගලයෙක් බවයි යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

ඊයේ දිනයේදී වාර්තා වූ 17 වන රෝගියා මීට සති තුනකට පමණ පෙර මිගමුවෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතවී ජිවිතක්ෂයට පත්වූ රෝගීයාව ඇසුරු කිරිම නිසා පනිච්ච්න්කේනි ප්‍රදේශයේ නිරෝධායනය මධ්‍යස්ථානයේ සිටිය පුද්ගලයෙක් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.

ඉන්දියාවේ සිට සංචාරය කොට පැමිණි කොටහේන ප්‍රදේශයේ කාන්තාවගේ සැමියාට සහ දරු දෙදෙනාටද මේ වන විට කොරෝනා ආසාධිතයින් බවට හෙළිව තිබෙනවා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements