රට ඉදන් ආපු තාත්තාගෙන් කුඩා දරුවන් තිදෙනාටම කොරෝනා
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
gossipmain
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
කොරෝනා රෝග ලක්‍ෂණ තියනවනම්
1390 අංකයට දැනුම් දෙන්න
කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පියෙකුගෙන් ඔහුගේ දරුවන් තිදෙනාටද වෛසරය ආසාදනය වු පුවතක් පුත්තලමෙන් වාර්තා වනවා.
මෙම දරුවන්ගේ පියා ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ සංචාරය කර මෙරටට පැමිණි අයෙක්. ඔහුගේ මෙම දරුවන් අවුරුදු 11, අවුරුදු 9 සහ අවුරුදු 5 යන වයස්වල පසුවන්නන් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
එම දරුවන් වාර්තා වුණේ පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන්. එම මධ්‍යස්ථානයේ මේ වනවිට රඳවා සිටින පිරිස 84 ක්. එහි සිටි පුද්ගලයින් 35 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට දැනටමත් තහවුරු කර ගෙන අවසන්. ඉන් 21 දෙනෙකු මුස්ලිම් ජාතිකයන්.
මේ අතර මීගමුව, අක්කර 50 ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 4 යි මාස 6 ක දරුවෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන තිබෙනවා. මෙම දරුවා ඇතුළත් කර ඇත්තේ මීගමුව රෝහලටයි.
මේ අතර කොරෝනා ආසාදිත පුද්ගලයෙකු සමීපව ඇසුරු කළ පිරිසක් ජීවත් වන කුලියාපිටිය, කටුපොත පාරේ, කැකුණගොල්ල ගම්මානයේ නිවාස 23 ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. කිසියම් අයෙකුට කොරෝනා රෝග ලක්‍ෂණ පවතින්නේ නම් 1390 අංකයට දැනුම් දෙන ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.

