Advertisement

මෙරට කොරෝනා ආසාදිත හයවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 80ක් වු පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මේ අතර  අද (7) දිනයේ ද තවත් කොරෝනා වෛසර ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරස ආසාදිතයින් 180 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඉන් පුද්ගලයින් 137 දෙනෙකු අයි.ඩි.එච්, වැලිකන්ද සහමුල්ලේරියාව ඇතුළු රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි එම අංශය සඳහන් කළේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements