අකුරණ කොරෝනා ව්‍යාප්තිය පාලනය අපහසුයි - ජනතා සහාය ඉතා අඩුයි
akurana
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
කොරෝනා ආසාධිතයන් 07 දෙනෙකු හමු වීම හේතුවෙන් මේ වන විට සම්පූර්ණයෙන් වසාදමා ඇති අකුරණ ප්‍රදේශයේ වසංගත තත්ත්වය මර්දනයට ලැබෙන ජනතා සහාය ඉතා අඩු බව අකුරණ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරුදුගහමඩ මහතා පෙන්වා දෙයි.
මේ සඳහා තවදුරටත් ජනතා සහය මීට වඩා අවශ්‍ය වුවත් ජනතා සහයක් නොලැබෙන්නේ නම් තත්වය පාලනය කිරීමට අසීරු යැයි ද ඒ මහතා කියා සිටී.
එසේ වුවහොත් අකුරණ ප්‍රදේශයේ බොහෝ පිරිසක් ඈත ප්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට සිදුවන බවද ඔහු පැවසුවේය.
අකුරණ ප්‍රදේශයේ සෑම අයකුටම නිවෙස් තුළ රැඳී ස්වයං නිරෝධනය වන ලෙස දන්වා ඇති බවත් එසේ වුවහොත් මෙම ව්‍යසනයට හිස එසවීමට නොදී මර්දනය කළ හැකි බවත් ඔහු කියා සිටියේය.

