Advertisement

අද(19) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 271ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනයේ කොරෝනා වෛරසය ආසාදිත තහවුරු කළ රෝගීන් 15දෙනෙකු වාර්තා වූ අතර ඔවුන් කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කරමින් සිටින පිරිසක් බව ප්‍රවෘත්ති දේපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර අද දිනය සුවය ලබා ගිය රෝගීන් සමඟ සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව ද 96ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements