Advertisement

එළැඹෙන සිංහල අලුත් අවුරුදු දිනෙන් පසු දැනට පනවා ඇති ඇදිරිනීතිය වෙනස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

දැනට ආසාදිතයන් හමුවූ දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය තව දුරටත් ලිහිල් කළ හැකි බවට දැනටමත් ලැබී ඇති යෝජනා අනුව මේ පිලිබදව සලකා බලමින් ඇත.
කොරෝනා අවදානම වැඩි දිස්ත්‍රික්ක සහ රත්නපුර සහ පැල්්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශයන්හි ඇඳිරිනීතිය දැනට ක්‍රියාත්මක කෙරෙන්නේ කඩින් කඩවයි.

එම ප්‍රදේශ වල ඇදිරි නීතිය තාවකාලික ඉවත් කරන කාලයේද දැනටමත් වැඩි කර ඇත.

එමෙන්ම අවදානම ඉහළ කලාප ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශයන්හිද පනවා ඇති ඇඳිරි නීතිය ඉදිරියේ දී කිසියම් වෙනසකට ලක් කිරීමට සාකච්ඡා කෙරෙමින් පවතී.

දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලද්දේ මාර්තු මස 20 වැනිදා සිටයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements