Featured News

Video Gossip

Advertisement

ඔවුන් බොහෝ කරුණු දැන සිටියා වගේම අවශ්‍ය මොහොතේදී ක්‍රියා කලේ නැහැ
ඔවුන්ට වැඩියෙන්ම ආධාර ලබා දෙන්නේ අපයි


නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය බොහෝ කරුණු සඟවා ඇති බවත් ඔවුන්ට ලබා දෙන ආධාර අත්හිටුවන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා සිටිනවා.

ගෝලීය වසංගතය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය කේන්ද්‍ර කර ගනිමින් ඉතා මිලේච්ජ ලෙස ක්‍රියා කර ඇති බවයි ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ. ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
චීනයේ වුහාන් නගරයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග එය ලොව පුරා පැතිරිම පාලනය කිරිමට සංචාරක තහනමක් පැනවීම අවශ්‍ය වුවත් චීනයට හිතවත්කම් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානය එය අත්‍යාවශ්‍ය නොවන බවට මුල සිටම ප්‍රකාශ කර සිටිය බවයි එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ.

” ඔවුන් වැරදියි… ඔවුන් වැරදියි… ඔවුන් බොහෝ කරුණු දැන සිටියා වගේම අවශ්‍ය මොහොතේදී ක්‍රියා කලේ නැහැ” අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

” ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් අමෙරිකාව ලබා දෙනවා. ඇත්ත වශයෙන්ම ඔවුන්ට වැඩියෙන්ම ආධාර ලබා දෙන්නේ අපයි. නමුත් ඔවුන් චීනයට පක්ෂපාතියි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන ආධාර මුදල් අත්හිටුවන්න අප පියවර ගන්නා බවට” මෙහිදී ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා සිටියා.

ඉකුත් ජනවාරි මස 31 වෙනිදා අමෙරිකාව විසින් චීනයට එරෙහිව සංචාරක තහනමක් පනවනු ලැබුවා. කෙසේ වුවත් එලෙස සංචාරක තහනමක් පැනවීමට අවශ්‍ය නොවන බව පෙබරවාරි මස 03 වනදා ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ සෑම පුද්ගලයෙකුම මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. නමුත් අමෙරිකානු බලධාරින් සිය පුරවැසියන්ට මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කරනු ලැබුවා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements