Featured News

Video Gossip

Advertisement

මෙරටින් හමුවූ 177 වැනි කොවිඩ්-19 ආසාදිතයා දැඩි ලෙස මත්කුඩුවලට ඇබ්බැහි වූවෙකු වන නිසා ඔහුගෙන් රෝගය බෝවීමට ඉඩ ඇති පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට සිදුව තිබෙනවා.

පසුගිය දිනවල මත්කුඩු නොමැතිව උන්මන්තකයකු මෙන් කොළඹ සැරිසැරූ මොහු මරදාන, ඉමාමුල් අරූස් මාවතේ මහල් නිවාස සංකීර්ණය වෙතද ආගිය බවට තහවුරු වී තිබුණා.

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී මියගිය මරදාන මහල් නිවාස සංකීර්ණයේ රන් ආභරණ තනන්නා හමුවීමටද මෙම පුද්ගලයා කිහිප වරක්ම ගොස් තිබෙනවා.

තමන් කොරෝනා ආසාදිතයකු බව නොදත් මොහු මත්කුඩු පානයට මුදල් නැති වූ තැන නිවෙස්වලට පැන සොරකම් කර ඇති බව පොලිසිය පවසනවා.

එවැනි සොරකමකට සෙනසුරාදා (04දා) රාත්‍රියේ මොහු තෝරාගෙන තිබුණේ ජාඇල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට අයත් බෝපිටියේ නිවසකි.

එම සැලසුම ක්‍රියාත්මක කිරීමට ගොස් බෝපිටිය ගම්වාසීන්ට කොටුවී පහර කෑමට ලක්ව සිටි සැකකරු පමුණුගම, බෝපිටිය පොලිසියට රැගෙනවිත් වහාම රාගම රෝහලට ගෙන යන්නේ ප්‍රතිකාර ලබාදීමටයි.

මෙම ආසාදිතයා සුදුවැල්ල පමණක් නොව, නිල්සිරිගම, ජාඇල, මරදාන වැනි ප්‍රදේශවල සැරිසැරූ අයකු බව දැන් හෙළිවී තිබෙනවා.

සුදුවැල්ල, ජාඇල නගරයට මායිම් වූ හය දහසකට වඩා ජනතාවක් වෙසෙන ගම්මානයකි.

යම් හෙයකින් සුදුවැල්ලේ ගම්වාසීන්ට වෛරසය පැතිරී ඇත්නම් එක් ලක්ෂ පනස් දහසක් පමණ ජනතාවක් වෙසෙන ජාඇලටද එය අවදානමක් වනු ඇති.

අඩු ආදායම්ලාභී සුදුවැල්ල ගම්වාසීන් බොහෝ දෙනකු එදිනෙදා ජාඇල නගරයට එන්නේ කුලියක් සොයා ගන්නටයි.එයින් මත්කුඩුවලට ඇබ්බැහි වූ පිරිස්ද අධිකයි.

මෙම සැකකරුට සම්බන්ධකම් ජාලයක් ඇති බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහද පවසනවා. මියගිය මරදානේ කොවිඩ් රෝගියා සමග මොහු සමීප සබඳකම් පවත්වා ඇතැයි මේ වනවිට තහවුරු වී තිබුණා.

මෙම තත්ත්වය හමුවේ මත්කුඩු භාවිතය ඇතුළු දුසිරිත්වලින් පිරි සුදුවැල්ල ගම්මානය හුදෙකලා නිරෝධායනයට ලක්කර ජාඇල නගරයට වසංගතය පැතිර යාම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජාඇල නගරාධිපති ශම්මික විරංග ඩයස් පෙරේදා (06දා) අගමැති මහින්ද රාජපක්ෂට ලිඛිතව දන්වා යැව්වා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements