Featured News

Video Gossip

Advertisement

අපි කල කොරෝනා මර්ධන යෝජනා වලට බෝවන රෝග අංශ ප‍්‍රධානී සුදත් සමරවීර ඇතුළු පිරිසක් විරුද්ද වුනා
GMOA ජනපතිට කියයි

මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තම සංගමය විසින් යෝජනා කරන ලද ආක්‍රමණශීලී උපායමාර්ගය සති තුනක් ප්‍රමාද වී ඇතැයි එම සංගමය විසින් පෙන්වා දෙයි.

සංගමය සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක මේ බව දැක්වෙයි.

අදාළ යෝජනා මාර්තු මස 31 වනදා ඉදිරිපත් කළ ද අප්‍රේල් මස 19 වන තෙක්ම සම්මත නොවූ බවත් එනිසා සති තුනක කාලයක් ප්‍රමාද වුවද ඔවුන් පෙන්වා දෙයි.

සෞඛ්‍ය බලධාරීන් එම ක්‍රියාමාර්ග අනුමත කිරීමට මැලිකමක් දැක්වීම මීට හේතු වූ කාරණාවක් බවත් සඳහන් කරන එම ලිපියේ අනෙක් ප්‍රධාන කාරණය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් වන මහාචාර්ය ඉන්දික කරුණාරත්න, වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන හ බෝවන රෝග අංශයේ අධක්‍්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර දැක් වූ විරෝධතාවය ද බලපෑ බවද පෙන්වා දී ඇත.

මේ ගැන අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙසද ලිපියෙන් තවදුරටත් ඉල්ලා තිබේ.

අදාළ ලිපිය පහත දැක්වේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements