Featured News

Video Gossip

Advertisement

අද වන විට කොරෝනා වෛරස් ආසාධිතයන් හදුනා ගැනීම සඳහා මෙරට සිදු කරන්නේ පරීක්ෂණ 250 ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවන් පරීක්ෂණ 1000ට ආසන්න ප්‍රමාණයක් සිදු කිරීමට රට තුළ පහසුකම් තිබුනද සෞඛ්‍ය අමාත්‍යාංශය මෙසේ කටයුතු කරන්නේ කුමන හේතුවක් නිසා දැයි නොතේරෙන බවද සංගමය කියා සිටී.

කොරෝනා ආසාධිතයන් සමාජය තුළින් ද කිහිප දෙනෙක් හමුවූ ඇති බවත් එය ඉතාම බරපතළ තත්ත්වයක් බවත් එය වළක්වාගත යුතු බවද සංගමය පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කර ඇත්තේ හැකි උපරිම ආකාරයෙන් පරීක්ෂණ පවත්වන ලෙසත් සියලු දෙනාම පරීක්ෂා කිරීමත් නැවත පරීක්ෂා කිරීමක් සිදුකළ යුතු බව යයිද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේය.

පසුගිය මාර්තු 31 වැනිදා රෝගීන් 21 දෙනෙකු ලංකාවේ තුලින් වාර්තා වූ බවත් එසේ වාර්තා වූයේ වැඩි පිරිසක් පරීක්ෂාවකට ලක් කිරීමෙන් බවත් පවසන මාධ්‍ය ප්‍රකාශකවරයා රෝග ලක්ෂණ නොතිබූ පිරිස් වෙත වෛරසය ආසාදනය වී තිබූ බව එහිදී හෙළි වූ බවද පැවසීය.

ඒ හේතුවෙන් වැඩිපුර පරීක්ෂණ කිරීම මගින් රෝගීන්ව ඉක්මනට හඳුනාගත හැකි බව හෙළි වන බවද ඔහු සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements