Advertisement

ස්වයංක්‍රීය ආරක්ෂිත ජල කරාමයක් නිර්මාණය කළ මතුගම ගීතා නන්ද උදයසිරි මහතාගේ දියණිය
දුරස්ථ පාලකයක් මගින් රෝගියා පැත්ත හරවන්න පුළුවම්

කොරෝනා වසංගතය ලංකාව ඩැහැ ගනිද්දි ලංකාවේ අළුත් අළුත් නිර්මාන බිහිවෙන්න පටන් ගත්ත. ඒ ලොවම පුදුම කරවමින්. එයට වර්තමාන ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක අංශවල සහයෝගය නිරන්තරයෙන්ම ලැබෙන නිසා නව නිපයුම් කරුවන් තුල මහත් උද්යෝගයක් ඇවිලේ තිබෙනව.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිමේදි දිනකට කීපවරක් රෝගියා පැත්ත පෙරලීමේ අවදානම් කටයුත්ත කිරිමට දුරස්ථපාලන රෝගී පැතිපෙරළනයක් නිර්මාණය කිරීමට කළුතර, නාගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පළමු වසරේ හෙදි පුහුණු ශිෂ්‍යාවක් කටයුතු කර තිබෙනවා.
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නිතර අත් සේදිමට පසුගිය දා ස්වයංක්‍රීය ආරක්ෂිත ජල කරාමයක් නිර්මාණය කළ මතුගම ගීතා නන්ද උදයසිරි මහතාගේ දියණිය වන සෞඛ්‍ය විද්‍යායතනයේ පළමු වසරේ හෙදි පුහුණු ශිෂ්‍යාවක වන අසුරුමුණි සදලි නිප්මා මෙනෙවිය තම පියා සහ බාප්පා වන චන්දන ප්‍රසන්නජිත් මහත්වරුන්ගේ සහාය ඇතිව මෙම නිර්මාණය කර ඇත.

දුරස්ථ පාලකයක් මගින් රෝගියා පැත්ත හැරවීම, ඉණෙන් උඩ කොටස කෙළින් කිරීම හෝ ඉනෙන් පහළ කොටස ඉහළට එසවීම ආදිය මෙම ස්වයංක්‍රීය මෙට්ටය මගින් සිදු කළ හැකිය.

දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක කරන මෙට්ටයක් මෙතෙක් නිපදවා නැති අතර මෙම නිර්මාණය සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නේ නම් ජාත්‍යන්තර මට්ටමින් නිපදවිය හැකි බව එහි නිර්මාණකරුවන් පවසනවා.


මතුගම - වසන්ත කුමාර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements