Advertisement

අද (19) දිනයේදී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ කොරෝනා රෝගීන් අතර කොළඹ කාසල් රෝහලට ඇතුලත් කර සිටි ගර්භණි කාන්තාවකද සිටියාය. කොරෝනා ආසාධිතයින් ඇසුරු කිරිම නිසා දැනට හුදෙකලා කොට ඇති කොළඹ කොටහේන, බණ්ඩාරනායකපුර මාවතේ පදිංචි එම ගර්භණී කාන්තාව කාසල් රෝහලට ඇතුලත් කොට තිබුනේ ඊයේ රාත්‍රී ඇතිවූ හදිසි රුධිර වහනයක් නිසා බව රෝහල් අධ්‍යක්ෂක ප්‍රදීප් ජයසිංහ ප්‍රකාශ කර සිටියේය.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කොට ඇති ප්‍රදේශයක සිට පැමිණි නිසා එම ගර්භණී කාන්තාව වෙනම වාට්ටුවක රඳවා තැබීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබු බවත් ඇයට වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලට මාරු කොට යැවු බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එම කාන්තාව රැඳී සිටි රෝහල් වාට්ටුව මේ වන විට සම්පුර්ණ විෂබිජ හරණයකට ලක්‌ කොට ඇති බවද වාර්තා විය.
මෙම ගැබිණි කාන්තාව ඇතුළු අද දින හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් 15 දෙනාද එකතුව කොළඹ කොටහේන කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් පමණක් 25 ක් හමුවී ඇත. මෙ අය කොරෝනා වැළදුන අසාදිතයින් ළගින්ම ඇසුරු කිරීම නිසා නිරෝධායනයට ලක් කරමින් සිටියදී පරීක්ෂාකාරී වීමේදී ආසාධිත බව හදුනාගෙන තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements