Advertisement

ගංජා සමග අත්අඩංගුවට ගත් සිය පුත්‍රයාට ඇප ලබාගැනීමට පැමිණි තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරයා පොලිස් නිලධාරීන් හා නීතිඥවරුන් ඉදිරියේ තර්ජනාත්මකව බැණ වැදී සාපරාධී බියගැන්වීමක් කළ බව සූරියවැව පොලිස් නිලධාරීන් හම්බන්තොට මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සූරියවැව පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති විසින් මෙම පැමිණිල්ල කර ඇති බව වාර්තා වනවා.

සූරියවැව පොලිසිය විසින් තඹගස්වැව වැව් බැම්මේදී ගංජා මිලිග්‍රෑම් 1500ක් සමග තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සූරියවැව පොලිසියට ගෙන ගොස් ප්‍රශ්න කිරීමේදී තමන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ පුත්‍රයා බවද ඔහු පවසා තිබුණා.

මෙම සැකකරු 17දා හම්බන්තොට මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ පසුව ගංජා ළඟ තබාගැනීම හා ඇඳිරිනීතිය කඩකිරීමේ චෝදනාවට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබුවා.

ඇප ලබාදී අධිකරණයෙන් පිටතට යද්දී අධිකරණයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් හා විත්තියේ නීතිඥයා ඉදිරියේ සූරියවැව පොලිස් ස්ථානාධිපතිට හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට බැණ වැදී සාපරාධී බිය ගැන්වීමක් කළ බවට ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව මහෙස්ත්‍රාත්වරයාට ද ඒ මොහොතේම අපරාධ අංශ ස්ථානාධිපති පැමිණිලි කර තිබෙනවා.

මෙහිදී සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ විත්තියේ නීතිඥවරයාත් උසාවි කටයුතු භාර පොලිස් නිලධාරිනුත් ප්‍රාදේශීය ලේකම්වරයාගේ බැණ වැදීම ගැන එහිදී සාක්ෂි ලබාදී තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements