Featured News

Video Gossip

Advertisement

අප්පි - ඔබ්බලා ඔක්කොම එකයිනෙ
විහාරාධිපති හිමියන් බදාගෙන  මුහුණට කැහැල

කැකිරාව ගනේවල්පොල මාමිනියාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සෛලතලාරාම විහාරස්ථානයට ඉකුත් 24 වෙනිදා රාත්‍රී පැමිණ ඇති රැවුල වවා ගත් නාඳුනන පුද්ගලයෙකු එහි විහාරාධිපති හිමි නම සහ ආවතේවකරු බදාගෙන “අප්පි - ඔබ්බලා ඔක්කොම එකයිනෙ යැයි පවසමින් මුහුණට කැස” පලාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පොලිසියට එම පරීක්ෂණය ආරම්භ කොට ඇත.

අනතුරුව එම සිද්ධියට මුහුණ පෑ විහාරාධිපති හිමියන් සහ ආවතේවකරු කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ (25) පෙරවරුවේ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු විහාරස්ථානය තුළම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.

ඉකුත් 24 වෙනිදා රාත්‍රී 11.45 ට පමණ විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ ලැගුම් ගෙයි සැතපෙමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු එහි දොරට තට්ටු කර තිබේ.

එම අවස්ථාවේ දොරට තට්ටු කළ පුද්ගලයා කවුරුන්ද යන්න විපරම් කිරීමට විහාරාධිපති හිමියන් ලැගුම් ගෙයි දොර විවෘත කරනවාත් සමගම දොර අසල සිටි රැවුල වවාගත් නාඳුනන පුද්ගලයෙකු විහාරාධිපති හිමියන් එකවරම බදාගෙන “අප්පි - ඔබ්බලා ඔක්කොම එකයිනේ යැයි පවසමින් විහාරාධිපති හිමියන්ගේ මුහුණට කැස යාබද කාමරය දෙසටපලා ගොස් ඇත.

අනතුරුව ලැගුම් ගෙට පසුපස කාමරයක නිදා සිටි විහාරස්ථානයේ ආවතේවකරුද නින්දෙන් අවදි කළ එම පුද්ගලයා එපරිද්දෙන්ම ඔහු බදාගෙන ඔහුගේ මුහුණට කැස පලා ගොස් ඇත.

(අනුරාධපුර - පර්සි කුරුනේරු)

quarantine  narayanaya

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements