Advertisement

දැනට වසා දමා ඇති කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ මේ වන විට කොරෝනා් ආසාදිතයන් 57ක් හමුවී තිබේ.

මෙතෙක් ශ්‍රී ලංකාවේ එකම ස්ථානයකින් වැඩිවූ හමුවූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙයයි. 

මෙහි තුළ පර්චස් 20ක පමණ ප්‍රදේශයේ පවුල් 62 පදිංචිව සිටින බව කොළඹ මහනගර සභාව සඳහන් කරයි.

තට්ටු නිවාසවල ජීවත් වීම හේතුවෙන් සමාජ දුරස්ථ භාවය රැක ගැනීම අවුල් සහගත තත්ත්වයක පවතින බව නගර සභා ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

ඊයේ දිනයේ පමණක් කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ ආසාදිතයන් 32ක් වාර්තා විය.

පෙරේදා දිනයේ එම ප්‍රදේශයෙන් 15ක් වාර්තා විය.

දැනට එම ප්‍රදේශයේ පුද්ගලයන් 322ක් නිරෝධනයට යොමුකර තිබේ.
gossip gossip lanka

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements