Advertisement

එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන්නයේ නව සංවිධායක ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පත් කර තිබෙනවා.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බව වාර්තා වනවා.
මෙතෙක් කල් කැලණිය ආසනයේ සංවිධායක ධුරය හෙබවූයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. ඔහු ජාතික සමගි බලවේගය සමග එක්ව මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටිටිනවා.රුවන් විජේවර්ධන මීට පෙර බියගම ආසන සංවිධායක ලෙස කටයුතු කළා.

කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධුරයේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද කටයුතු කර තිබෙනවා.

ජයවර්ධන පවුලේ ඥාතියකු වසර ගණනාවකට පසු කැලණිය ආසනයේ එ.ජා.ප. සංවිධායක ධුරයට පත්වීම ද විශේෂත්වයක් වනවා.
gossip gossip lanka

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements