අක්කරේපත්තුව මුළුමනින්ම සහ පුත්තලමේ තවත් ගම්මානයක් වසා දමයි.
corona
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
පුත්තලමේ සිට කොරෝනා වයිරසය ආසාදිත වූවෙකු මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තාරාපුරම් ගම්මානයේ සැරිසරා ඇති බවට තොරතුරු ලැබීමත් සමග එම ගම්මානය නැවත දැනුම්දෙනතුරු එහි පදිංචිකරුවන්ට එම ගම්මානයෙන් පිටතටයාම ඊයේ (08) රාත්‍රියේ සිට තහනම් කර ඇතැයි මන්නාරම පොලීසිය පවසයි.
තාරපුරම් ගම්මානයේ අවමගුල් අවස්ථාවක් සඳහා කොරෝනා වයිරසය ආසාදානය වූ අයෙකු පුත්තලම සිට පැමිණි බවට අනාවරණය වීම හේතුවෙන් තාරාපුරම් ගම්මානය මෙලෙස හුදකලා කර පිටස්තර පුද්ගලයින්ට ඇතුළුවීම හා නිවැසියන්ට නිවාසවලින් පිටතට පැමිණීමද තහනම් කිරීමට මන්නාරමේ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.
ඉන්දුනීසියාවේ සංචාරය නිරතව පැමිණ නිවසේ ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම්දී තිබූ පුද්ගලයකු පසුගිය මාර්තු මස 18 වැනිදා තාරාපුරම් ගම්මානයේ අවමගුල් උත්සවයකට සහභාගීවී ඇති අතර අනතුරුව ඔහුට අප්‍රේල් (07) කොරෝණා වයිරසය ආසාදනයවී ඇති බවට අනාවරණය වී තිබේ.
මේ වන විට තාරාපුරම් ගම්මානයට කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි අයුරින් පොලිසිය හා යුද හමුදාව එක්ව මාර්ග බාධක කිහියක් යොදා ගම්මානයේ අතුරුමාර්ග ඇතුලු සියලු මාර්ග වසාදැමූ බව මන්නාරම පොලිසිය පැවසීය.
අක්කරේපත්තුව මුළුමනින්ම වසා දමයි
මේ අතර අක්කරේපත්තුව නගරය සම්පූර්ණයෙන්ම වසා දමා ඊට පිවිසෙන සියලුම මාර්ග අවහිර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
ඊයේ දිනයේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග මෙම පියවරගෙන තිබේ.
නමුත් එහි ප‍්‍රධාන මාර්ගය හරහා යන අත්‍යවශ්‍ය රාජකාරි වාහන සදහා පමණක් විවෘත වෙයි.
අදාළ කොරෝනා ආසාදිතයා හමුවීමෙන් පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු 09 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
