Featured News

Video Gossip

Advertisement

වසංගතයක් බවට පත්ව ලොව පුරා පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි ඕනෑම විසබීජයක් තත්පර 30 වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයකුගේ ශරීරයෙන් ඉවත් කළ හැකි ජංගම විසබීජහරණ කුටියක් නිපදවීමට හොරොව්පොතාන පන්කුලම් මොරවැව සිරි ගජබා මූලික පිරිවනේ ගණිත විද්‍යා ගුරුවරයකු වන එම්. කැලුම් සඳරුවන් මහතාට හැකිව තිබේ.

ඒ මහතා එම විසබීජහරණ කුටිය පිළිබඳව මෙසේ කරුණු පැහැදිලි කළේය.

“මෙය නිර්මාණය කිරීමේ මූලික අරමුණ වුණේ කොරෝනා උවදුරින් ආරක්ෂා වීමට ජංගම විසබීජහරණ කුටීරයක් නිපදවීමයි. මේ සඳහා අතීතයේ විසබීජ විනාශ කිරීමට යොදා ගැනුණු පැරැණි ආයුර්වේදීය ඔෟෂධ මෙම විසබීජහරණයට යොදා ගෙන තිබෙනවා. මෙහිදී සිදුවන්නේ වටිනා දේශීය ඔෟෂධ වර්ග වන කොහොඹ, පාවට්ටා, උඳුපියලිය, දෙහි, ‍ෙදාඩම් ඇතුළු තවත් සුවිශේෂී ඔෟෂධ වර්ග කිහිපයක් මේ සඳහා යොදා ගන්නවා. මේ ඔෟෂධ වර්ග දේශීය වෛද්‍යවරියකගේ උපදෙස් මත ලබා ගත්තා. මේවා තැම්බීමෙන් දහනය වන හුමාල ආසවනය මඟින් මෙම ඔෟෂධ විසබීජහරණ කුටියට ඇතුළු වනවා. මෙම කුටීරය හරහා ගමන් ගන්නා සෑම මිනිසකුගේ බාහිරින් ඇති සියලුම ජීවී විසබීජ අජීවී තත්ත්වයට පත් කරනවා. මෙම ක්‍රියාව තත්පර 30ක් වගේ කෙටි කාලයක් තුළ සම්පූර්ණයෙන්ම සිදුවෙනවා. මේ නිසා කුටීරය තුළින් එළියට එන්නෙ සම්පූර්ණයෙන්ම විසබීජහරණය වූ පුද්ගලයෙක්. මේ නිසා බාහිර විසබීජහරණය වූ මිනිසකු සමාජගත කළ හැකි වෙනවා. එහෙත් අපේ රටේ අවාසනාවකට මෙවැනි දෑ නිර්මාණය වුවද බටහිර වෛද්‍ය විද්‍යාව කෙරෙහි ඇති බලපෑම නිසා මේවා සමාජ ගත කිරීමට නොහැකි වෙලා තිබෙනවා.” මෙම නිර්මාණයටද මේ වනවිට බලධාරීන්ගේ බාධාවන් පමණක් එල්ල වන බවද ඔහු පැවැසීය.

මැදවච්චිය - සරත්චන්ද්‍ර වික්‍රමසිංහ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements