Advertisement

පවතින කොරෝනා වසංගතය පහ වන තෙක් එක්සත් ජාතික පක්ෂය ද සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා යෝජනාවක් විපක්‍ෂයෙන් ආණ්ඩු පාර්ශ්වයට ඉදිරිපත් වී ඇති බවට වාර්තා වේ.

නමුත් ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ අදහස වී ඇත්තේ මේ අවස්ථාවේ දී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන් නීතිමය හැකියාවක් නොමැති බවයි.


පවතින භාරකාර ආණ්ඩුව යටතේ මීළඟ මැතිවරණය තෙක් රට පාලනය කළ යුතු බවත් කොරෝනා අර්බුදයට ද පවතින ආණ්ඩුව විසින් මුහුණ දිය යුතු බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

මේ අතර හෙට පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා තීන්දු කර ඇත.

එය හෙට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements