Advertisement

ජපාන් ‘යෙන්’ හා ඇමෙරිකානු ඩොලරයෙහි අගය රුපියලට සාපේක්ෂව පසුගිය මාර්තු 20 වැනිදායින් පසුව අධික ලෙස ඉහළ යෑමත් සමග සියලු වාහනවල මිල ගණන් සියයට දහයත් පහළොවත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් පවසන්නේ මෙලෙස විනිමය අනුපාතිකයන් ඉහළ යෑමත් සමග මෙතෙක් කල් ‘සුඛෝපභෝගී බද්දට’ යටත් නොවූ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන් අතර ප්‍රචලිත සී.සී. ධාරිතාව 1000 නො ඉක්මවූ වාහන සඳහා ද ‘සුඛෝපභෝගී බද්ද’ ගෙවීමට සිදුව ඇති බවයි.
පවතින අයහපත් තත්ත්වය යටතේ ප්‍රදර්ශනාගාර මාස ගණනක් වසා තැබීම හේතුවෙන් ඇඳිරි නීතිය පවතින කාලය තුළදී හෝ බැංකු ණය මත පනවා තිබෙන පොලිය ඉවත් කරන මෙන් සංගමයක් ලෙස බැංකුවලින් ඉල්ලා ඇති නමුත් මේ වන තුරුත් බැංකු ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලබා දී නොමැති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසනවා.

ඒ අනුව ටොයෝටා විට්ස් වර්ගයේ රථයක් රුපියල් ලක්ෂ 45ත් 50, ටොයෝටා පැසෝ වර්ගයේ රථයක් ලක්ෂ 38ත් 42ත්, ටොයෝටා ප්‍රිමියෝ වර්ගයේ රථයක් ලක්ෂ​ 90ත් 95ත්, ටොයෝටා ඇක්සියෝ ලක්ෂ 75ත් 78ත්, ටොයෝටා CHR ලක්ෂ 80ත් 85ත්, හොන්ඩා CRV ලක්ෂ 120ත් 125ත්, ටොයෝටා ඩබල් කැබ් – ලක්ෂ 120ත් 125ත් අතර ගණනකින් මිල වෙනස්ව ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements