කොළඹ හිටපු යාචකයින් නාවා කන්න බොන්න දී අළුත් අදුම් අන්දවා රැගෙන ගිය හැටි [VIDEO]
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
video
,
web gossip
කොළඹ නගරය ආශ්‍රිතව ජීවත් වන යාචකයින් 360 දෙනෙකු, විෂබීජ හරණය කර ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සිකුරාදා පියවර ගෙන තිබුණි.
පොලිසිය සහ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එක්ව ඔවුන් පිරිසිඳු කර, නව ඇඳුම් ආදිය ලබාදී බස් රථ වලින් ගෙන ගිය අතර ඔවුන් ගෙනගියේ කොහිටදැයි හෙළි නොකෙරුණි.
කොරෝනා වසංගත රෝග තත්ත්වය පාලනය සදහා පනවනු ලැබූ ඇදිරි නීතිය හේතුවෙන් ස්ථීර වාසස්ථානයක් නොමැතිව කොළඹ ප්‍රදේශයේ ඔබමොබ සැරිසරමින් සිටි පිරිස් සෞඛ්‍ය අංශයන්හි උපදෙස් පරිදි ගුණසිංහ පුර බස්නැවතුම් පොල වෙත ඒකරාශී කර ශ්‍රී ලංකා පොලිසිය, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා විවිධ දානපතීන් විසින් පසුගිය දිනවල ආහාර පාන ලබා දෙමින් රැක බලා ගනු ලැබු නමුත් මේ වන විට ගුණසිංහපුර ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට සිදුවීම හේතුවෙන් මෙම පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට මේ ආකාර පියවරක් ගෙන තිබුණි.





