Featured News

Video Gossip

Advertisement

වර්තමාන කොරෝනා වෛරස අර්බුදයෙන් ආර්ථික වශයෙන් වඩාත්ම පීඩාවට පත් ලෝකයේ නැගී එන ආර්ථිකයන් හිමි රටවල් 6 අතරට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජාත්‍යන්තර ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව අධ්‍යයනයක් මගින් ඊයේ (මැයි 2) හෙළි කර තිබේ.

ලෝකයේ ඉහළ පිළිගැනීමක් ඇති මෙම ආර්ථික විද්‍යා සඟරාව, මෙම ශ්‍රේණිගත කිරීම ගණනයේදී රාජ්‍ය ණය, විදේශ ණය (රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයෙන්ම) සහ ණය ගැනීමේ පිරිවැය සලකා බැලූ බව දක්වා ඇත. මෙම අධ්‍යයනයට හසු කර ඇත්තේ ලෝකයේ නැගී එන ආර්ථිකයන් ඇති රටවල් 66 කි. සලකා බලා ඇති රටවල් 66 අතරින් 61 වන තැන ශ්‍රී ලංකාවට හිමිව තිබේ. අර්බුදය හමුවේ ආර්ථික සාර්ථකත්වය රැකගත් රටවල් අතර බොට්ස්වානා,තායිවාන හා දකුණු කොරියාව ‍සිටියි. දරුණුම කඩා වැටීම සිදුවූ රටවල් අතර ශ්‍රී ලංකාවටත් යටින් ඇන්ගෝලාව, බහරේන්, සැම්බියාව ලෙබනන් හා වෙනිසියුලාව සිටී.

දකුණු ආසියා කලාපයේ වඩා හොඳින් ආර්ථික කළමනාකරණය කළ රට වන්නේ බංග්ලාදේශයයි. එය ලැයිස්තුවේ 9 වැන්නාය. ඉන්දියාව 18 වන ස්ථානය සහ පාකිස්තානය 43 වන ස්ථානයට පත්ව ඇත්තේ බොහෝ දුරට මෑතදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයක් පිළිගෙන අඩු විදේශ ණය ප්‍රමාණයක් ලබා ඇති බැවිනි. ඉන්දියාවේ ණය බොහෝ දුරට දේශීය වශයෙන් ලබාගත් ඒවාවන බැවින් බාහිර අනතුරක් සිදු නොවූ බව එම සඟරාව පවසයි.

ඉකොනොමිස්ට් අනාවැකි පළ කරන්නේ “අපනයන වලට වන හානිය උග්‍ර වනු ඇත. අඩු තෙල් මිල ගණන් වලට ස්තූතිවන්ත වන්නට, ගල්ෆ් තෙල් අපනයනකරුවන්ට මේ වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% කට වඩා ජංගම ගිණුම් හිඟයක් සිදුවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගණන් බලා තිබේ. එය පසුගිය වසරේ 5.6% ක අතිරික්තයක් හා සසඳන කලය. අපනයන ආනයන හිඟ වූ විට, රටවල් සාමාන්‍යයෙන් විදේශයන්ගෙන් ණයට ගැනීමෙන් පරතරය පියවයි. එහෙත් ප්‍රාග්ධන ගලා ඒම් ආපසු හැරවීම ඉහළ ණය ගැනීමේ පිරිවැය සමඟ සැසඳේ.

අර්බුදය සමනය කිරීම සඳහා, නැගී එන ආර්ථිකයන්ට අවම වශයෙන් ඩොලර් ට්‍රිලියන 2.5 ක් අවශ්‍ය විය හැකි බවද මෙම අධ්‍යයනය සිදු කරන සඟරාව පෙන්වා දෙයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements