Featured News

Video Gossip

Advertisement

වෛද්‍යවරයෙකුගේද සහය ලැබී ඇති බවට සැක
බිළිඳු කලලය වලදමවා දැකපු අසල්වැසියෙකු පොලීසියට කියලා


යාපනය චුන්නාගම් පොලිස් වසමේ ඉනුවිල්, මරදනාමඩම් ප්‍රදේශයේ පෙම් යුවලක් විසින් ඔවුන්ට ලැබීමට සිටි දරුවෙකුගේ බිළඳු කලලයක් වලදමා ඇති බවට අනාවරනය වීමෙන් පසුව එම පෙම් යුවල අත්අඩංගුවට ගෙන ඇති බවට චුන්නාගම් පොලීසිය පවසයි.

පෙම් යුවල විසින් වලදැමුවේයැයි පැවසෙන බිළිඳු කලලය යාපනය මහෙස්ත්‍රාත්තුමන් ඉදිරියේදී ගොඩ ගැනීමටද පියවර ගෙන ඇති බවට පොලීසිය පවසයි.
අදාල සැකකාර පෙම්යුවලගේ ප්‍රේම සබඳතාවයන් හට නිවෙස්වලින් විරෝධය පලවීම හේතුවෙන් දෙදෙනාම නිවෙස් වලින් ඉවත්ව යාපනය මරදනාමඩම් මන්සන්ධියේ පිහිටි කූලී ස්ථානයක මීට මාස කිහිපයක සිට ජීවිත්ව ඇති අතර එහිදී පෙම්වතියට දරුවෙකු ලැබීමට නියමිතව තිබී ඇති අතර දරුවා නැති කිරීමට දෙදෙනා විසින් තීරණය කිරීමෙන් අනතුරුව පෙම්වතියගේ බිළිඳු කලලය ඉවතට ගෙන ඔවුන් රැඳී සිටි ස්ථානයේම වලදමා ඇත.

එමෙන්ම බිළිඳු කලලය ඉවතට ගැනීමට ඔවුන්ට වෛද්‍යවරයෙකුගේද සහය ලැබී ඇති බවට සැකපහල වී ඇති හෙයින් එම වෛද්‍යවරයා පිළිබඳවද පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

අනතුරුව බිළිඳු කලලය වලදමනු දුටු අසල්වැසියෙකු විසින් ඒ බව පොලීසියට පවසා ඇති අතර අනතුරුව පොලීසිය විසින් අදාල පෙම් යුවල (29) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පෙම්වතිය යාපනය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවියක් බවටද අනාවරනය වී ඇති අතර වලදැමු කලලය අද දිනයේදී ගොඩගැනීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන චුන්නාකම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements