Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ලාංකිකයින් හට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය විසින් මේ වන විට කටයුතු සුදානම් කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ මේ වන විට සියලු හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් හමුදා කඳවුරු තුල නිරෝධායන මධ්‍යස්ථාන ඉදිරියට ඇති කිරීමට යම් අපහසුවක් ඇති බවයි. කෙසේ වුවත් රජය විසින් ගෙන යන නිරෝධායන වැඩසටහන සඳහා හමුදාව අවශ්‍ය සියලු දෙනා පහසුකම් ලබාදීම සිදුකරමින් සිටින බවද මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

අද දිනයේද බ්‍රිතාන්‍යයේ සිට ලාංකිකයින් 260 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

මෙරට හෝටල් කිහිපයකම හිමිකරුවන් සිය හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට ඉදිරිපත්වී ඇති බවද මෙහිදී හමුදාපතිවරයා කියා සිටියා.

” විදේශ ගතව සිට පැමිණෙන අය රජයෙන් ඉල්ලීම් කරලා තිබෙනවා මුදල් ගෙවා නිරෝධායනය වීමට පහසුකම් සපයලා දෙන්න කියලා. ඒ අනුවයි මේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ. මේ හෝටල් හිමියන් ලාභයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ දේ සිදුකරන්නේ. හෝටල් කාමරය ඉදලා තුන්වේලට කෑම සහ තේ ඇතුළුව දවසකට රුපියල් 7500 ක මුදලක් අය කරන්නේ. සාමාන්‍යයෙන් මේ හෝටලයක කාමරයක් ඔවුන් සංචාරකයින්ට ලබා දෙන්න රු. 20,000 – 35,000 අතර මිලකට.

මේක නිරෝධායන වැඩපිළිවලක් නිසා නිරෝධායනයට ලක්වෙන අයට පමණයි එන්න පුළුවන්. මේ හැම දෙයක්ම යුධ හමුදාවේ අධීක්ෂණය යටතේ සිදුකරන්නේ” හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook