Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා ඇතුළු ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි නිරොධාන රෙගුලාසි උල්ලංඝනය කරමින් බීමත්ව මුදල් ඔට්ටුවට බූරු ගැසමින් සිටියදී ඊයේ (30) අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වටවල සහ ගිනිගත්හේන පොලිස් ස්ථානවල නිලධාරින් එකාබද්ධව වැටලිමක් සිදු කර සැකකරුවන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

වැටලිම සිදු කරන අවස්තාවේ මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩා කිරිමට භාවිතා කල මුදල්, රා බෝතල් කිහිපයක් සහ සභාපතිවරයාගේ පුද්ගලික වාහනය සහ ඔහුගේ හිතවතුන් පැමිණි මොටර් රථ දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.

වැටලිම සිදු කරන අවස්තාවේ සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගිය බවත් එම සැකකරුවන්ද අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බවත් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීහු කියා සිටිති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සංචාරක හෝටලයේ මුරකරුද වන අතර සෙසු සැකකරුවන් වන්නේ නාවලපිටිය, නෝටන්බ්‍රිජ් කලවැල්දෙණිය සහ හැටන් ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (01) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements