Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමූහය විසින් 2020 මාර්තු මස 31 වැනිදායින් අවසන් වූ මාස 3 සඳහා වන මූල්‍ය ප්‍රගතිය ප්‍රකාශයට පත්කොට ඇත.

මෙම වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 22.1 ක ආදායමක් වාර්තා වූ අතර එය 2019 වසරේ වාර්තා කළ රුපියල් බිලියන 21.3 ක ආදායම හා සැසඳීමේදී 3.8% ක ඉහළ වර්ධනයකි.

මෙහෙයුම් වියදම් මෙන්ම ප්‍රාග්ධන වියදම්ද විචක්ෂණශීලීව කළමනාකරණය කිරීම තුළින් 5%, හෙවත් රුපියල් මිලියන 704 ක පිරිවැය ඉතිරි කිරීමට සමූහය සමත්විය. ක්ෂය හා ලියාහැරීම්වල වර්ධනය හා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා ප්‍රමිතීන්ට අනුකූලව කල් ඉකුත්වූ ණයගැතියන් සඳහා වෙන්කිරීම් රුපියල් මිලියන 536 කාර්තුව තුළ වාර්තා විය. එසේ වුවද සමූහය පළමු කාර්තුව සඳහා මෙහෙයුම් ලාභය 28.6% ක ප්‍රතිශතයකින් රුපියල් බිලියන 3.2 දක්වා වර්ධනය කරගැනීමට සමත් විය.

COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණ වීම නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයට රුපියල් මිලියන 683 ක විනිමය පාඩුවක් දරන්නට සිදුවූ අතර එය පසුගිය වසරේ වාර්තා කළ රුපියල් මිලියන 172 ක විනිමය ලාභයට සාපේක්ෂව කැපීපෙනෙන අපගමනයකි.

විදුලි සංදේශ ජාල පද්ධතිවල යටිතල පහසුකම් ප්‍රවර්ධනය වෙනුවෙන් වාණිජමය ණය ගැනීම් පසුගිය වසරවලදී වැඩි වූ අතර එය සමූහයේ පළමු කාර්තුවට අදාළ මූල්‍ය වියදම රුපියල් මිලියන 317කින් වැඩිවීමට හේතුවිය. ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2020 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 1.9 ක ශුද්ධ ලාභයක් වාර්තා කළ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 14.6% ක අඩුවීමකි. කල් ඉකුත්වූ ණයගැතියන් සඳහා වෙන් කිරීම්, විනිමය පාඩු සහ වැඩිවුණ මූල්‍ය වියදම් මෙම සාපේක්ෂ අඩු ලාභ වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපාන ලදී. එම කාලසීමාවට අදාළව ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය රුපියල් බිලියන 4.4 ක් සෘජු හා වක්‍ර බදු ලෙස ශ්‍රී ලංකා රජයට ගෙවා ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ගතවූ කාර්තුවේ මූල්‍ය වාර්තාව පිළිබඳ අදහස් දක්වමින් “COVID-19 වසංගත තත්ත්වයේදී ජාතික වගකීමක් ලෙස අඛණ්ඩව සේවා ඉටුකරන්නට එකමුතුව අනලස්ව වෙහෙසුණු ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ කළමනාකාරීත්ව කණ්ඩායම සහ සේවක මණ්ඩලය පිළිබඳ මා බෙහෙවින් ආඩම්බර වෙනවා. SLT සහ මොබිටෙල් පාරිභෝගිකයන්ට නොමිලේ අසීමිත දත්ත සේවා පහසුකම් රැසක් සපයා දෙමින් පවුලේ සාමාජිකයන් හා ළබැඳි නෑ හිත මිතුරන් සමග ඉතාම අසීරු අවස්ථාවක වුවත් තනි නොවී එක්ව සිටින්නට අවස්ථාව සලසා දෙන්නට ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයට හැකිවුණා. එවැනි වසංගත අවස්ථාවකට මුහුණදීමට පමණක් නොවෙයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය ඕනෑම නව්‍යකරණය තුළින් ජනිතවන්නා වූ සුහුරු හා වෙනත් නව ව්‍යාපාරික අවස්ථාවන් ග්‍රහණය කරගැනීමටද ශක්තිමත්ය. ”යැයි පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements