Advertisement

රෝගී ජනතාව මුළා කරමින් මුදල් උපයලා
බැංකුවත් මුලා කරමින් අයථා මුදල් ගනුදෙනු වල

විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන බවට පවස වසර ගණනක් තිස්සේ අසරණ රෝගීන් මුළා කළ එක්තරා ජාවාරම්කරුවකුගේ තවත් හොර ජාවාරමක් එළිවෙමින් පවතින බව නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග වෙතින් දැනගන්නට ලැබේ. ඔහු නමින් කැලුම් හර්ෂ වීරසිංහය.

ඒ, මේ දිනවල කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් හේතුවෙනි. සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ සිදු වී ඇති මුදල් ගනුදෙනු කීපයක් සම්බන්ධව රහස් පොලීසිය විසින් කරගෙන යනු ලබන විමර්ශනයේදී මේ කරුණු අනාවරණය වී තිබේ.

වාර්තා වන අන්දමට මෙම පුද්ගලයා තමන්ට විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකිරීමේ බලයක් ඇති බව පවසා කලක පටන් අසරණ රෝගී ජනතාව මුළා කරමින් මුදල් උපයා ඇති අතර, එම මුදල් තැන්පත් කර තිබූ සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවද නොමග යවමින් අයථා මුදල් ගනුදෙනු වල නිරත වී ඇති බව වාර්තා වේ.

බැංකුව නොමග යවමින් බැංකුවේ වෙනත් ගනුදෙනුකරුවන්ට නිතිවිරෝධී ලෙස මුදල් පොළියට දී ඇති මෙම පුද්ගලයා කෙරෙහි ඉව වැටුණු සම්පත් බැංකුව, දිවයිනේ කීර්තිමත් ම විගණන ආයතනයක් හරහා කළ විගණනයකින් මෙම ගනුදෙනු පිලිබද මූලික විස්තරයක් අනාවරණය කරගෙන ඇත.

ඉන් පසුව මය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී තවත් ස්වාධීන විගණන ආයතනයක් විසින් කෙරුණු වෝහාරික විගණනයකින් පසුව මෙම ගනුදෙනු සම්බන්ධ තොරතුරු තහවුරු කරගෙන ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements