Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

JR මුත්තාගේ ව්‍යවස්ථා ගැටය
සජිත්ට පාටලීගේ මාර්ගයෙන් දුන්න දිරච්ච ලණුව

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවක 2/3 මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලබාගැනීම අපහසු කාර්‍යක් නොව කල නොහැකි කාර්‍යකි. JR මුත්තාගේ ව්‍යවස්ථා ගැටය ඒ තරම්ම තද බැවු දේශපාලන මලපොතේ අකුරු කියවූ සෑම දෙනාම පාහේ දන්නා කාරණයකි. 2010 වසරේ 60% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් එවකට අතිශයින් ජනප්‍රිය රටෙහි යුධගිනි තනිව නිමා දැමුවැයි කියූ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට ලබාගත හැකිවූයේ ආසන 144 ක් පමණි. එවකට එසේනම් දෙවරක් ජනපති කර දෙවරක් අගමැති කර වසර ලබාගත නොහැකිවූ දෙයක් ගන්නට දැන් වයෝවෘද්ධ මහින්ද රාජපක්ෂට 2/3 තබා බහුතරය ලබාගැනීමත් දුශ්කර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෲවරයා වන බැසිල් රාජපක්ෂට අමුතුවෙන් ගනන් හදා බැලිය යුතු නැත. 
කලින් අවස්ථාවක 2/3 බලය ලබාගත්තත් ව්‍යවස්ථාවේ වෙනස්කමකට කියා කල එකම දෙය තවත් ජනපතිවරණයකට ඉදිරිපත්වීමට අවස්ථාව විවරකරගැනීම පමණක්ම වීමත් ජනතාව තම පරමාධිපත්‍ය බලය උපයෝගී කරගෙන එම උත්සාහය ව්‍යර්ථ කිරීමත් හරහා අසාර්ථක වූ සැලසුම් නැවත පනගැන්වීමට නම් කෙක්කෙන් හෝ කොක්කෙන් මෙවර පාර්ලිමේන්තුවේ 2/3 ආසන ලබාගැනීම රාජපක්ෂ ආණ්ඩුවේ  අනිවාර්‍ය අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. එම අවශ්‍යතාවය ඉටුකරගැනීමට විපක්ෂයේ පක්ෂ දුර්වල කල යුතුවාක් මෙන්ම JR ගේ ව්‍යවස්ථාවෙන් 2/3 ලබාගැනීමට ඇති බාධාවෙන්ද මිදිය යුතුය. 


 රාජපක්ෂ ආණ්ඩුව මේ සඳහා අනුගමනය කර ඇත්තේ අපූරු උපක්‍රමයකි. එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීම බැසිල්ගේ කොන්ත්‍රාත්තුවක් බව ප්‍රසිද්ධ රහසක් වුවත් ජනපතිවරණය අවසන කෝටි 200 ක් ණයයි නැවත දේශපාලනයට පැමිනෙන්නේ නැතැයි වනගතවූ සජිත් ප්‍රේමදාස මෙම මැතිවරණ කාලසීමාව පුරාවට facebook ආයතනයට පමණක් වැඩිම වියදමක් දැරූ අපේක්ෂකයා වීම සපයන ඉඟිය තේරුම් ගැනීමට සබුද්ධික ජනතාවට රොකට් සයන්ස් අවශ්‍ය නැත. සමගි ජනබලවේගය මැතිවරණ කොමිසමට අසත්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂය විසින් සමගි ජනබලවේගයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමත් පමණක් නොව පසුගිය ජනපතිවරණයට පෙර සමගි ජනබලවේගයේ අගමැති අපේක්ෂකයා බිලියන 11 ක මුදලක් අවභාවිතා කල බවත් මේ වන විට රට හරහා හෙලිදරවුවී හමාරය. 

නමුත් ඉදිරි සතිය තුල ඒ කිසිවක් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම 2/3 සිහිනයට එල්ල කරන්නේ දැඩි භාදාවකි. දේශපාලන ඉවක් ලිපිය කියවන ඔබට ඇත්නම් SJB මූලික ඉලක්කය එක්සත් ජාතික පක්ෂ ඡන්ද මල්ලෙන් වැඩි කොටසක් තමන් වෙත කඩාගැනීම පමණක් බව නිරික්ෂනය වී ඇතුවාට සැක නැත. ඔවුන්ගේ ඉලක්කය සාර්ථක වී එක්සත් ජාතික පක්ෂයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් කඩාගෙන ඔවුන් මැතිවරණ ප්‍රථිපල අනුව දෙවන ස්ථානයට පත්වීම සිදුවීනම් ඉන් අනතුරුව SLPP එකට කලයුතුව ඇත්තේ මැතිවරණ පෙත්සමක් හරහා ඔවුන් නීතිවිරෝධී ලෙස මැතිවරණයට ඉදිරිපත්වී ඇති බව ඔප්පු කොට SJB ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ශූන්‍ය කිරීම පමණි. මැතිවරණ කොමසාරිස්තුමාගේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන හඬපට හරහා සමගි ජනබලවේගය කොලේ වසා ගසන්නට ගොස් හත්පොලේ ගාගෙන ඇති ගඳ හමන්නට පටන්ගෙන ඇත. ඒ ගඳ සමගි ජනබලවේගය නැමති පක්ෂය මේ වනවිටත් මිය ගොස් ඇති බවට කදිම සාක්ෂියකි. SJB එක සොහොන් ලකුණු හමුවේ පහසුවෙන්ම 2/3 ඉක්මවායන පාර්ලිමේන්තු බලයක් වත්මන් රජය ගොඩනගාගනු ඇත. 

සජිත් ඇමට දා ආණ්ඩුව තුනෙන් දෙක ලබාගන්නා අයුරු අපැහැදිලිනම් පහත උපකල්පිත උදාහරණය අධ්‍යයනය කරන්න. එය දැනටමත් පාටලී චම්පික හරහා සජිත්ට ගිල්ලවා ඇත. චම්පිකගේ ජනපති හිනය වෙනත් එකකි. අප එය පසුව කතා කරමු.

එළබෙන මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 100 ක් බවත් slpp ඡන්ද 45 ක් sjb ඡන්ද 25 ක් unp ඡන්ද 15 ක් TNA ඡන්ද 10 ක් සහ මාලිමාව ඡන්ද 5 ක් ලබාගන්නවායැයි සිතන්න. මැතිවරණය අවසන් වන විට SLPP 45% ක් sjb 25% ක් unp 15% ක් TNA 10% ක් සහ මාලිමාව 5% ක ප්‍රථිශතයන් ලබාගෙන ඇත. ප්‍රකාශිත ඡන්ද අනුව SLPP යාන්තම් බහුතරය ගොඩනගාගත හැකි සීමාවේ පසුවුවත් මැතිවරණ පෙත්සමක් හරහා sjb නීතිවිරෝධී බව ඔප්පු කිරීම හරහා sjb ඡන්ද 35 ශූන්‍ය වී සංශෝධිත ප්‍රථිපල අනුව slpp 60% ක ප්‍රතිශතයකටද UNP  20% ක ප්‍රතිශතයකටද TNA 13% ක ප්‍රතිශතයකටද SLPP 7% ක ප්‍රතිශතයකටද ලඟාවනුඇත. 2010 වසරේ 2/3 ගොඩනැගූ ආකාරයටම හෝ sjb මීටත් වඩා ඡන්ද ලබාගතහොත් ජනවරමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2/3 බලය ලබාගනු ඇත. 

ජනවරමකින් 2/3 බලයක් ලබාගතහොත් ජනතාවගේ කැමැත්තෙන් කුමක් කරගත්තත් අපට කම් නැත. නමුත් තුට්ටු දෙකේ දේශපාලන ගේම් හරහා 2/3 ලබාගැනීමට යාම නම් නිර්ලැජ්ජිත වැඩක් බව නොකියාම බැරිය. නියමිත ක්‍රියාපටිපාටියෙන් තොරව අසත්‍ය ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මැතිවරණයට ඉදිරිපත්ව සිටින SJB අපේක්ෂකයින් කෙරෙහි මනාපය පලකරන ඡන්දදායකයින් වෙනත් පිලිගත් නීත්‍යානුකූල පක්ෂයකට තම මනාපය පලකිරීම හරහා මේ තුට්ටුදෙකේ දේශපාලන විකුර්තියෙන් රට ගලවා ගැනීමට මාවත විවර වනු ඇත. ඔබේ ඡන්දය ඔබේ අයිතියයි එම අයිතිය පිලිගත් නීත්‍යානුකූල පක්ෂයක් වෙත පමණක් මනාපය පලකිරීම ඔබේ යුතුකමයි.

ceylonreader

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook