Advertisement

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් රජය විසින් ලිඛිත සහතිකයක් ලබා නොදුනහොත් මුළු කොළඹම අක්‍රිය කරන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

51%ක් ආණ්ඩුවටත් 49%ක් අද්වානි සමාගමටත් ලබාදෙන ලෙස කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් වී ඇතැයි කී උන්වහන්සේ ආණ්ඩුවේ 51% තුළ තවත් සමාගම් දෙකක් ඇති බවද සඳහන් කළහ.


එම සමාගම් දෙක කාගේ දැයි කිසිවකු නොදන්නා බවක් ඒවායේ නම් ද සඳහන් කර නැති බවත් උන්වහන්සේ කියා සිටියහ.

එකී ගිවිසුම අත්සන් කර ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න මැතිවරණයට පෙර සහතික කර පැවසිය යුතු බව ද උන්වහන්සේ පැවසූහ.

එසේ නොකරන්නේ නම් මුළු කොළඹම අක‍්‍රිය කරන බවත් හැප්පිලා බලමු යයි ආණ්ඩුවට අභියෝග කරන බවත් එහිමියන් තව දුරටත් පැවසූහ.

කොළඹ වරායේ විරෝධතා පැවැත්වෙන ස්ථානයට ගිය උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements