Advertisement

ලොව පුරා විවිධ රටවල සිටින චීන ජාතිකයින් රැගෙන චීනයේ ෂැංහායි නුවර බලා පිටත්වන ශ්‍රීලන්කන් ගුවන් යානා සේවාව තාවකාලිකව අත්හිටුවීමට එරට ගුවන් සේවා අධිකාරිය ගත් තීරණය සම්බන්ධව චීනය සමග රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරන බව සංචාරක සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග පවසනවා.

ඩුබායිවල සිටි චීන ජාතිකයින් රැගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයක සිටි 23 දෙනකුට චීනයේ දී කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ තහවුරු කිරීමත් සමඟ චීනය මෙම තීරණය ගෙන තිබුණා. ඒ අනුව සති හතරක් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවාවට අයත් යානා ලබා ගැනීම චීනය විසින් අත්හිටුවන ලැබුවා.
පසුගිය 7 වැනි දින චීනයේ ෂැංහයි නුවරට පැමිණි මෙම යානයේ සිටි මගීන් ඩුබායිවලින් පිටත් වන අවස්ථාවේ දී කළ පී.සී.ආර්. පරීක්ෂණ සෘණාත්මක වූ නමුත් චීනයේදී කළ පී.සී.ආර් පරීක්ෂණයේදී වෛරසය වැලඳී ඇති බව තහවරු වී තිබෙනවා.

ඒ අනුව ඩුබායිවලදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවල යම් අඩුපාඩවුක් සිදුව ඇති බවට අනුමාන කරන බව පැවැසූ ඇමැති ප්‍රසන්න රණතුංග එම සේවාව යළි ක්‍රියාත්මක කිරීම සඳහා චීනය සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන බවද සඳහන් කළා.

මේ ආකාරයෙන්ම කොවිඩ් වයිරසය ආසාදනය වූ මගීන් සිටීම නිසා ශ්‍රීලන්කන් ගුවන් සේවයට අමතරව තවත් ගුවන් සේවා දෙකක් තාවකාලිකව අත්හිටුවීමට චීන ගුවන් සේවා අධිකාරිය පසුගියදා පියවර ගත්තා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements