Featured News

Video Gossip

Advertisement

අනුර කුමාරට බිත්තර ගහන්න ආපු දෙදෙනෙක් කොටු වෙයි 
ඇමති ප්‍රසන්න සහ ඇවන්ගාඩ් සම්බන්ධයක් ගැනත් පාපොච්චාරණයක

ජාතික ජන බලවේගයේ (NPP) ඊයේ (30) පස්වරුවේ පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා පැමිණි පොහොට්ටු පක්ෂයේ කුලී මැර පිරිසක් එම සමුළුවට පැමිණි ජනතාව විසින් අල්ලා නිට්ටඹුව පොලිසියට භාර දෙනු ලැබ ඇත.

ජාතික ජන බලවේගයේ නායකයාට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, ගම්පහ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව සඳහා සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී ය. අනුර කුමාර දිසානායක මහතා උත්සව භූමියට පැමිණීමත් සමග ම ඉදිරිපස රැස්ව සිටි පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. මන්ත්‍රීවරයා පැමිණි රථයට සහ තවත් රථ කිහිපයකට බිත්තර ප්‍රහාරය එල්ල වී ඇත. මෙම ප්‍රහාරය වැළැක්වීමට රැස්ව සිටි පිරිස් උත්සාහ ගෙන ඇති අතර එහිදී එක් පුද්ගලයෙකුගේ හිසට ද තුවාල සිදුවී ඇත.
ප්‍රහාර එල්ල කළ පිරිස එම ස්ථානයෙන් පළා ගිය අතර පිරිසෙන් දෙදෙනෙකු උත්සව ශාලා පරිශ්‍රයේ රැඳී සිටි ආධාරකරුවන් විසින් අල්ලා ගනු ලැබ තිබේ.

පොලිසිය අත්අඩංගුවට පත් දෙදෙනා සියලු කරුණු පාපොච්ඡාරනය කර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් මෙලෙස එවා තිබෙන්නේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග විසින් බවයි. එමෙන්ම මොවුන්ගේ ජංගම දුරකථවලින් හමු වී ඇති ඡායාරූප අනුව ඔවුන් ඇවන්ගාඩ් ආයතනයට අනුබද්ද ආරක්ෂක සේවාවන් හි නිරතව සිටින පුද්ගලියන් බවද ඔවුන් විශ්‍රාමික හමුදා සාමාජිකයන් බවද නාවරණය වී තිබේ.

මෙලෙස ජාතික ජන බලවේගයේ සමුළුවට බිත්තර ප්‍රහාර එල්ල කිරීම සඳහා එක් අයෙකුට රුපියල් 5000ක මුදලක් ලබා දුන් බවද මෙහිදී ඔවුන් පාපොච්චාරණය කර ඇතැයිද වාර්තා වේ. එමෙන්ම පසුගිය 19වනදා මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දක්වා පැවැත්වූ, ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි විකිනීම ඇතුළු ජනතා දේපල විකිණීමට එරෙහිව පැවති විරෝධතා පාගමණට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමටද පැමිණ ඇත්තේ මෙම පිරිසම බවද ඔවුන් එහිදී පිළිගෙන ඇත.

නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements