Featured News

Video Gossip

Advertisement

ජනපති දිනේෂ් ?  
හමුදාව-පොලිසිය අත දාන්න එපා
අරගලය අවසන් කරන්න 09 වැනිදා කොළඹ එන්න - ෆොන්සේකා

මුළු රටම එකතු කරගෙන ලබන නව වෙනිදා කොළඹට පැමිණ මේ අරගලය අවසානය කරා ගෙන ගොස් දූෂිත දේශපාලනඥයන්ගෙන් රට බේරගන්න කියලා අරගලයේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.

වෙනත් අරමුණු වෙනුවෙන් නොබෙදී එකම අරමුණක් වෙනුවෙන් කටයුතු කරන ලෙස අරගලයේ නිරත දරුවන්ට දැනුම්දෙන බවද හෙතෙම සඳහන් කළේය.

වර්තමාන පාලකයන් අරගලකරුවන් තුවක්කු බලයෙන් මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා කිසිම ආකාරයකට මැදිහත් නොවන ලෙස පොලිසිය සහ හමුදාවේ සාමාජිකයන් ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවසුවේය.

එසේ ම දූෂිත පාලකයන් සඳහා මුදල් එවීමෙන් වළකින ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලා සිටින බව පැවසූ සරත් ෆොන්සේකා මහතා අරගල කරුවන්ට තමා සැමවිටම ආශිර්වාද කරන බවද ප්‍රකාශ කළේය.

යම් යම් ස්ථානවල යම් යම් වටිනා දේවල් විනාශ වී ඇති බවට සමහරුන් ප්‍රකාශ කරන බවත් අරගලකරුවන් කැප වී සිටින්නේ ඒ විනාශ වූ දේට වඩා වැඩි දෙයක් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ලබාදීමේ උතුම් අරමුණින් යුතුව යැයි අප කවුරුත් සිහි තබා ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

– ලංකාදීප

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements