Featured News

Video Gossip

Advertisement

සාගල, ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී  
ජනාධිපති මාධ්‍ය ප්‍රධානි ධනුෂ්ක  
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ශානුක 
ජනාධිපති මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක කෙශාල්

හිටපු අමාත්‍ය සාගල රත්නායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කරනු ලැබ තිබේ.

ඊට අමතරව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට ද සාගල රත්නායක පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉහත පත්කිරීම් සිදුකරනු ලැබ තිබේ.

සාගල රත්නායක යහපාලන රජයේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

මේ අතර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ධනුෂ්ක රාමනායක පත්කර ඇතැයි වාර්තාවේ.

පාඨලි චම්පික රණවක අමාත්‍ය ධුරයේ සිටිය දී ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක, යහපාලන ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හා ස්වාධින රුපවාහිනියේ අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කළේය.

මේ අතර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ශානුක කරුණාරත්න පත් කරනු ලැබ තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් එකනායක විසින් මෙම පත්කිරීම් සිදුකරනු ලැබ තිබේ

මිට පෙර ශානුක කරුණාරත්න අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කර ඇති අතර 2019 දි ස්වාධීන රුපවාහිනි සේවය නියෝජ්‍ය සාමන්‍යධිකාරි තනතුරේද සේවය කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහන නිවේදක ලෙස මාධ්‍ය ජිවිතය ඇරඹු ශානුක කරුණාරත්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ABC මාධ්‍ය ජාලය, සියත fm, ITN මාධ්‍ය ජාලය, ඇතුළු මාධ්‍ය නලිකා කිහිපයකම සේවයකර තිබේ.

මේ අතර ජනාධිපති මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක ලෙස කෙශාල් ජයසිංහ මහතා පත්කර ඇති බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.

කේශාල් ඡයසිංහ මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු ලෙසත් සැලසිනේ ආයතනයේ සභාපතිවරයා ලෙසත් කටයතු කර ඇති අතර පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ධ්‍ය කටයතු සම්බන්ධයෙන් විශාල සේවයක් කල පුද්ගයෙක් බවස සමාජ ජාලා වාර්තා සදහන් කරයි.
Sagala, Chief of Staff of the President: Presidential Media Chief Dhanushka: Presidential Media Director Shanuka: Presidential Media Spokesman Keshal




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements