Featured News

Video Gossip

Advertisement

උපතින් බුද්ධාගමිකයෙක් වු ක්‍රීඩක භානුක රාජපක්ෂ බෝනගේන් ආගමට පරිවර්තනය වෙලා 

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක භානුක රාජපක්ෂ උපතින් බුද්ධාගමිකයෙක් වුවද 2015 වසර සිට බෝනගේන් ආගමට පරිවර්තනය වී ඇති බව හෙළි වී තිබේ.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන තරග සංචාරයේදී එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ද බෝනගේන් ආගමෙන් කණ්ඩායමටම ඇති බලපෑම පරික්ෂා කිරීමටත් පත්කරන ලද පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලය විසින් සිය අවසන් වාර්තාවේ මේ බව දන්වා ඇත.බෝනගේන් ආගම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී බලපෑම් සිදුවීමට ඉඩ ඇති බව නිරීක්ෂණය වන බවත් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කල යුතු බවත් එම වාර්තාවේ දැක්වෙයි.

ඇතැම් ක්‍රීඩකයන් තම අනාගතයට බලපෑමක් වෙතැයි යන බිය මත ඊට අදාළව සාක්ෂි දීමෙන් වැළකී සිට ඇතැයිද වාර්තාවේ සඳහන්ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ නිලධාරීන් අතර බෝනගේන් ආගම වෙළඳ ද ගත් අය සිටින බවත් බෝනගේන් ආගම ප්‍රචාරය කරන පොපර්ට් ජෙරම් ප‍්‍රනාන්දු නම් අය විසින් තම අනුගාමිකයන් වැඩිකරගැනීමට විවිධාකාරයෙන් උපක්‍රම යොදන බවටත් අනාවරණය වී ඇති බවද වාර්තාවේ සඳහන් වෙයි.

කණ්ඩායමට එම ආගමෙන් සිදුව ඇති බලපෑම පිළිබඳ සදහන් කොටසේ පුද්ගලයන් අට දෙනෙකු ගැන සදහන් වෙයි. භානුක රාජපක්ෂ, ජෙෆ්රි වැන්ඩසේ, සධීර සමරවික්‍රම යන ක්‍රීඩකයන්, ඈෂ්ලි ද සිල්වා සහ ජෙරම් ජයරත්න යන ක්‍රිකට් පරිපාලකයන්, ක්‍රිකට් විස්තර විචාරක රෝෂාන් අබේසිංහ, පුහුණුකරු රුවන් කල්පගේ, විනිසුරු ලින්ඩන් හැනිබල් යන පිරිසගේ නම් එසේ සදහන් වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements