Advertisement

අපේ අයිතිවාසිකම් උල්ලංඝණය වෙලා 
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ඉල්ලන දේ 

ආදීවාසී ජනතාවට විධිමත් වූ ව්‍යවස්ථාමය පිළිගැනීමක් නොමැති වීම හේතුවෙන් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බැවින් තම අයිතිවාසිකම් පනතකින් තහවුරු කරන ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

තම ජනතාවට සුවිශේෂී වූ ආර්ථික, සමාජ, සංස්කෘතික, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රජය විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව එහි සඳහන් කර ඇත.
ආදිවාසී ජනතාවගේ සාම්ප්‍රදායික ජීවනෝපාය හා බැඳී පවතින කටයුතු මේ වන විට අපරාධමය වරදවල් ලෙස නීති පාර්ශ්වයන් හඳුන්වා දීම නිසා ඔවුන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බවට ද පැමිණිලිකාර පාර්ශ්වය කරුණු දක්වා තිබේ.

මෙම පැමිණිල්ල තුළින් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ඉඩම් අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ධීවර දෙපාර්තමේන්තුව වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. ආදීවාසී ජනතාවගේ වාසස්ථාන හා ඔවුන්ගේ හා ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ භූමි ප්‍රදේශවල සාමකාමීව ජීවත්වීමේ අයිතිය ලබාදෙන ලෙස ඔවුන් එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝගේ මූලිකත්වයෙන් පැමිණි කණ්ඩායමක් මෙම පැමිණිල්ල පසුගිය 18 වන දා ඉදිරිපත් කර ඇත.

දඹාන, පොල්ලේබැද්ද, හෙන්නානිගල, වාකරේ, කරකච්චේනයි, තෝකූර් සහ කට්ටපරිච්චන් යන ප්‍රදේශ නියෝජනය කරමින් ආදිවාසි නායකයෝ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements