Featured News

Video Gossip

Advertisement

වෙරළේ එකතුවන කැලිකසල ප්‍රතිචක්‍රිකරණය කරන  “ලස්සන වෙරළ” ව්‍යපෘතිය අති සාර්ථක වසර තුනක්..

කොළඹ වාරාය නගරය , වන අරණ සංවිධානය, පරිසර පොලීසිය, වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, කොළඹ මහ නගර සභාව සහ දෙහිවල ගලකිස්ස මහ නගර සභාව යන සියලු ආයතන මැදිහත්වීමෙන් ගලකිස්ස සිට කොළඹ වාරාය නගරය දක්වා දක්වා මහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වියාපෘතිය 2020 ජනවාරි මස 4 වන දින ආරම්භ කරන ලදී.මෙම ආයතන සියල්ල එකතුවෙන් ආරම්භ කෙරුණු " ලස්සන වෙරළ" වියාපෘතියට 2023.01.04 වන දිනට තෙවසරක සම්පුර්ණ වේ. මෙම ව්‍යපෘතිය ඉතා සාර්ථක වැඩ පිළිවෙලක් බව එම ප්‍රදේශයේ ජනතාව සහ එම ප්‍රදේශ වල සංචාරක හෝටල් ද මුහුදු වෙරළ වෙත විනෝද වීමට පැමිණෙන ජනතාවද පවසයි.
2023 මෙම ව්‍යපෘතිය සඳහා melting point ව්‍යපෘතිය සම්බන්ධ වන අතර ශ්‍රිලාංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ සමුර්දීය ආරක්ෂන අධිකාරිය සමග එකගතා ගිවිසුමකට අත්සන් කරන ලදි.

Melting point වියාපෘතිය යනු ලෝහ ප්‍රතිචක්‍රිකරණය මගින් භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යපෘතියක් වන අතර "ලස්සන වෙරළ" ව්‍යපෘතිය සම්බන්ධ වීමේ එකම බලාපොරොත්තු melting point ව්‍යපෘතිය වැඩි දියුණු කිරිමත් පරිසර දූෂණය අවම කිරිමත් වේ. "ලස්සන වෙරළ" ව්‍යපෘතියේ එකතු වන සියලු කෑන වර්ග ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිලිමතලාව දුම්රිය ස්ථානයට ප්‍රවාහනය කර ඉන් පසුව පිලිමතලාවේ පිහිටි melting point ප්‍රතිචක්‍රිකරණ ස්ථානයට රැගෙන ගොස් ඉතා වටිනා අලංකාර භාණ්ඩ නිෂ්පාදනය කෙරෙනු ඇත. ඉන් පසු එම නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරට වෙළඳ පොලට වගේම විදේශීය වෙරළ පොලොටත් අලෙවි කර රටේ ආර්ථිකයට සුලුවෙන් හෝ දායක වීම melting point ආයතනයේ බලාපොරොත්තුව වේ.

ඉදිරියේදි melting point ව්‍යපෘතියෙන් නිෂ්පාදනය වන භාණ්ඩ ගල්කිස්ස මුහුදු වෙරළේ ඔවූන්ගේම ස්ථානයකින් ලබා ගැනිමට කටයුතු කරන අතර එම ප්‍රදේශයේ සංචාරක හෝටල් මගින් ද මිළදි ගැනිමට කටයුතු සූදානම් කිරිමට නියමිතයි.

මෙම ව්‍යපෘතියට තෙවසරක් සම්පුර්ණ වීම නිමිති කොට ගෙන 2023.01.07 වන දින නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වයිද්‍ය අනිල් ජාසිංහ, Lion බෘවරි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි රජිව් මීවැක්කල සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා මෙම උත්සවය සදහා ප්‍රධාන වශයෙන් සහභාගි වූ අතර සමුර්දීය ආරක්ෂන අධිකාරියේ සභාපති දරශනී ලහඳපුර මහත්මිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් රණවක මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ සමාන්‍ය සාමාන්‍යාධිකාරී ගුණසිංහ මහතා වගේම රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරින් මෙම සංවත්සර උත්සවය සදහා සහභාගි විය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements