Advertisement

ඒකට හේතුව එයා දන් නෑ - තමාගේ රෝගී තත්ත්වයක් ගැන නතාශා පෙරේරා මුහුණු පොතේ තැබූ සංවේදී සටහන

නතාශා පෙරේරා කියන්නේ පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක්. නිවේදිකාවක් වගේම ගායන ශිල්පිනියක් විදිහටත් ඇයව නොදන්න කෙනෙකු නොමැති තරම්.

එදා "සුළඟක් වී මං යනවා" ගැයූ ඇය මේ වෙනකොට බොලිවුඩ් නිළියකට සම රුවකට හිමිකම් කියන රුවැත්තියක්.

ඇය නිරන්තරයෙන් මුහුණුපොතේ ක්‍රියාකාරී චරිතයක්.

නිරන්තරයෙන් විවේචන, අවලාද එනවා වුණත් ඒ දේවල් තඹේකට මායිම් නොකරන කෙනෙක් තමයි නතාශා කියන්නෙ. මේ ඇය මෑතක ඇයව විවේචනය කරන පිරිස් වෙත දුන්නු සංවේදී උත්තරයක්.

"ළඟදි මගේ මූණ ළඟට පේන චූටි වීඩියෝ එකක් මම දැම්මා. ඒකේ මගේ මූණේ සේරම පේනවා. කවුරුහරි කමෙන්ට් එකක් දාලා තිබ්බා මොකක් හරි ක්‍රීම් එකක් පාවිච්චි කරලා නතාශගේ මූණේ අනවශ්‍ය රෝම එහෙම තියෙන්නෙ කියලා. ඒ කියන්නෙ මගේ මූණේ කොණ්ඩෙ වැවිලා තියෙන්නෙ ඒකේ සයිඩ් ඉෆෙක්ට් එකක් නිසාලූ. එහෙම කියපු කෙනා දන් නෑනේ ඇත්තටම මගේ මූණේ අනවශ්‍ය රෝම තියෙනවා. ඒකට හේතුව එයා දන් නෑ. මට පීකොස් කියන රෝගී තත්ත්වය තියෙනවා. ඒ කෙනා එහෙම කළේ ඒක නොදැන. ඉතින් කෙනෙක්ව පහළට දාන්න කලින් එයාගේ හිත රිද්දන් කලින් හිතන්න. මොකද ඔබ දන්නෙ නැති දෙයක්, මම විඳවනවා වෙන්න පුළුවන්.."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements