Featured News

Video Gossip

Advertisement

ජපානයෙන් පොලීසියට ලැබුණු නිදහසේ තෑග්ග

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ යතුරුපැදි 150ක්, වෑන් රථ හා කුඩා වර්ගයේ බස් රථ 74ක් සහ සෝදිසි උපකරණ 115ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංකේතාත්මකව භාරදීම ජනාධිපති කාර්යාලයේ සිදු විය.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටකෙයි ෂුන්සුකේ (Takei Shunsuke) මහතා විසින් මෙම උපකරණ භාරදීමට අදාළ ලියකියවිලි ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.වාහන නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සමග සුහද කතා බහක ද නිරත විය.
ශ්‍රී ලංකා පොලිසිය සිදුකරන විමර්ශන පහසු කිරීම සඳහා ජපාන රජය මෙම පරිත්‍යාගය සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි හිදෙකි මහතා ඇතුළු ජපාන නියෝජිත පිරිස සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements