Featured News

Video Gossip

Advertisement

මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා 
අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව
[VIDEO]

දශක ගණනාවක් තිස්සේ කාගෙත් "සිහින කුමරු" බවට පත් වුනු ගීත ගණනාවකින් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වූ අතුල අධිකාරි කියන්නෙ අදටත් නොවෙනස් කාගෙත් ආදරය දිනාගත්ත ප්‍රවීණ ගායකයෙක්.

ඉතින් ඔහුගේ ගීත බොහෝමයක් එදා මෙන්ම අදත් අතිශය ජනප්‍රියයි. ඉතින් ඒ වගේම කාලයකට ඉහතදී ඔහු විවාහ වෙලා හිටියේ සමිතා මුදුන්කොටුව සමඟයි. කොහොම නමුත් ඔවුන් දෙදෙනාම මේ වන විට වෙන්වෙලා . ඉතින් ඊට පස්සේ අතුල අධිකාරි විවාහ වුනේ අමායා අධිකාරි සමඟයි. පසුව එයද සීතල ලෙස දෙදරා යනවා.සංගීතයෙ වෙනස්ම මානයන් සොයා යන මේ සුවිශේෂී චරිතය "දිවිතුරා" ටෙලි නිර්මාණය හරහා රංගන ශිල්පියෙක් විදිහත් අපිට හමුවුණා. මේ අතුල අධිකාරි, රංගන ශිල්පියෙක් වන ජනක කුඹුකගේ සමඟ කළ සාකච්ඡාවක දී පළ කළ අදහස් කිහිපයක්.

ඔබ දික්කසාද වුණු යුවතියන් දෙදෙනා සමඟම හිත හොඳින් කල්ගෙවනවා. කතාබහ කරනවා. ඒ කියන්නෙ අර ලංකාවේ තිබ්බ ගෝත්‍රිකත්වයට ඔබ පහර දෙනවා ?

දික්කසාදය කියන දේ දිහා වපර ඇහින් බලනවනෙ. විවාහය බලන්නෙත් එහෙමයි. විවාහයට වුණත් කී දෙනෙක්ගේ කැමැත්ත ගන්න ඕනිද? මේ කෙල්ල හරි යන් නෑ. මේ කොල්ලා හරි යන් නෑ කියනවා. මගේ පළවැනි තීරණේ මම කැමති කෙනා එක්ක විවාහ වෙනවා. 

මගේ අම්මා තාත්තා කිසිම දවසක කිසිම බලපෑමක් කරලා නෑ කිසිම දේකට. හැබැයි අපේ තාත්තලා ඒක මොනිටර් කරනවා. මටත් එහෙමයි නංගිටත් එහෙමයි. විවාහ වුණාට පස්සෙත් මම ඉන්නෙ ඒ නිදහස ඇතුළෙ තමයි. සමාජය මොකද්ද කියන්නෙ කියන එක මට අදාළ නෑ. 

අම්මා තාත්තා වුනත්, මම දික්කසාද වුණා කිව්වම 'ආ ඇත්තද' ඇහුවා මිසක් කවදාවත් බැනලා නෑ. තාත්තයි අම්මයි එක වචනයක් කියලා නෑ සමිතාටවත් අමායටවත්. ඒ අතින් මම හරි වාසනාවන්ත යි.

සමිතා අමායා මම ගැන දන්නවා..මගේ පෙනුමින් ගොඩක් අය මාව මනිනවා. මට සාමාන්‍යයෙන් පැයක් දෙකක් විතරයි කට්ටිය එක්ක ඉන්න ඕනෙ. අනිත් පැය ගණන් තනියම ඉන්න ඕනේ. 2016 මම හුදකලා වුණා. ඒක්තරා ප්‍රශ්නයක් උඩ.. 

සමාන්‍යයෙන් දුකකදි කරන්නෙ මොකද්ද..

 මත්පැන්වලට ඇබ්බැහි වෙන එකනේ.. මම ජීවිතේ කිසිම දේකට මත්පැන්වලින් උත්තර හෙව්වේ නෑ. සමහරු අහනවා 'ශොට් එකක් දාමුද' කියලා. මම නෑ කිව්වම 'නැවත්තුවද' අහනවා. මම ඇහුවා, 'මා එක්ක බීලා තියෙනවාද ඔයා' කියලා. මම ආසාධාරණයට කැමති නෑ. ඒ කාලේ සැහෙන ප්‍රැක්ටිස් කළා.. ආවේගෙන් තරහෙන් කළේ. ඒ ආවේගෙන් තමයි මම ඉස්සරහාට ස්ටෙප් එකක් තිබ්බෙ.

අතුල දැනුත් තනිකඩව ඉන්නේ. කෙවිලියක් ඇවිත් ඇරයුම් කළොත් ?

මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා. ප්‍රථම ආදරේට වඩා අන්තිම ආදරේ බලවත් වෙන්න පුලුවන්. මට ඇත්තටම ආදරේ දැනිලා තියනවා. ජීවිතේ ඇති කියලා නැවතුණා. 

සමහර විට මම නැවත වතාවක් පටන් ගන්න ඒ ආදරේ බලපෑමක් වුණා. තමුන්ගේ කරගන්න පුලුවන් වෙයිද දන් නෑ. හැබැයි ආදරයක් තියෙනවා..

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements