Advertisement

ජැක්සන්ගේ එකම කෙල්ල මාධවී ඇන්තනී අලුත්ම පෙම්වතා මෙන්න
ඔහු ගැන ඇය කියපු කතාව 
[PHOTOS]

මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක් වගේම නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.

ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී ඇන්තනී පිළිබඳව මේ දිනවල අපේ රටේ අතිශයින්ම ආන්දෝලනාත්මක කතා කතාබහක් පැතිර යනවා.

ඒ ඇගේ අලුත්ම පෙම්වතා ගැන.තරුණ නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල සමඟයි ඇෂ්‍ය පෙමින් වෙලී සිටින්නේ. මාධවී සහ කසුන් ඔවුන්ගේ සමාජ මාධ්‍යවල පළ කළ ඡායාරූප සහ විවිධ සටහන් වලින් ඔවුන් දෙදෙනා ආදරය කරන බව ප්‍රේක්ෂකයන් දැන් දන්නවා.

ඔවුන් දෙදෙනා කාලාන්තරයක සිට යහළුවන් වුවද ඔවුන්ගේ යාළුකම ප්‍රේමයක් බවට පත් වන්නේ මාධදීගේ ගීතයක රූපරචනාව නිර්මාණය කරන්න කසුන්ට භාරවීමත් සමඟ. ඒ මාධවී ගායනා කළ ජනප්‍රිය ගීතයක් වන "අපි තමයි අපිව දන්නේ" ගීතයයි.

කෙසේ වුවද මේ ගීතය ජනප්‍රියත්වයට පත් වීමත් සමඟ ඔවුන් දෙදෙනා පැමිණි වැඩසටහනකදී මාධවී කසුන් ගැන මෙවැනි ප්‍රකාශයක් කරලා තිබුණා.

"කසුන් මට එක්තරා නිර්මාණයකට කතා කළා. ඒ නිර්මාණය කසුන් මාව හිතලාම පිටපත රචනා කරපු නිර්මාණයක්. ඒත් මම පිටපත කියෙව්වට පස්සේ එයාට කිව්වා ඒ චරිතයට මාව හරියන්නේ නැහැ මම මහත වැඩී කියලා. ඊටපස්සේ කසුන් වෙනත් රංගන ශිල්පිනියක් දාලා ඒ නිර්මාණය රූගත කළා. ඒ රංගන ශිල්පිනිය මටත් වඩා මහතයි.... නමුත් ඒ චරිතයට ඇය සාධාරණයක් කරලා තිබුනා. පස්සෙ මට දුක හිතුණා අපරාදේ කියලා."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements