Advertisement

සුපිරි දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංග යුග දිවියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගගේ ජීවිතයේ තවත් කඩයිමක් අද පසුකරන බව වාර්තාවෙයි.

1997 ජූලි මස 29 වන දින පින්නදුවගේ වනිදු හසරංග ද සිල්වා ගාල්ල දොඩම්දූවේ දී උපත ලැබීය. ගාල්ල රිජ්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන වනිදු එහිදී ක්‍රිකට් දිවියට අත්පොත් තබන්නේ ජාතික කණ්ඩායම නියෝජනය කළ තම සොයුරු චතුරංග ද සිල්වාගේ අඩි පාරේ යමිනි.පසුව දක්ෂතාවයන් දිනෙන් දිනම දියුණු කරගනිමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එකතුවු මොහු ක්‍රිකට් වෙනුවෙන් කැපවන මෙම දක්ෂ තරුණයා නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල පන්දු යවන්නන්ගේ ඉහලම ස්ථානවල රැඳී සිටින්නේ කලකට පසු ලාංකිකයෙකුගේ නාමය එම ලැයිස්තුවේ මුල් ස්ථාන අතරට එක් කරමිනි.

මෙලෙස ලොවක් කතාකරන වනිදු අද විවාහ දිවියට පා තබයි ඒ් වින්ද්‍යා පත්මපෙරුම සමගිනි.

ඔබ දෙපලට ගොසිප්99 අපෙන් සුභ පැතුම්.









gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements