Advertisement

රැප් ගායක ෆිල්ටි සමග දෙදරා ගිය විවාහය ගැන හසිනි හසිනි සැමුවෙල් කියන කතාව 

අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් තමයි හසිනි සැමුවෙල් කියලා කියන්නේ. ඉතින් හසිනි සැමුවෙල් කියන නම් දැන්නම් අපේ රටේ බොහෝ දෙනෙකුට හුරු පුරුදු නමක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

නිරූපණය නිසාම විතරක් නෙවෙයි නිරන්තරයෙන්ම දකින්න ලැබෙන ඇයගේ විලාසිත නිසා වගේම ඇඳුම් පැළදුම් නිසාත් ඇය ගැන නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙනවා. 

ඉතින් ඒ වගේම පහුගිය කාලයේ ඇය ගැන වැඩිපුරම කතා බහට ලක්වුණේ එක රැයින් විවාහය නිමා කර ගත්ත තරුණියක් විදිහටත් ඇය ගැන බොහෝසෙයින් කතා බහට ලක්වුණා.

ඉතින් ඒ වගේම මියුසික් වීඩියෝ කිහිපයක් හරහාද සරාගී රංගන ශිල්පිනියක් ලෙසින් අප‍ට ඇයව පහුගිය කාලයේදී දකින්න ලැබුණා.කොහොම නමුත් ඇය පහුගිය කාලයේදී අපේ රටේ ජනප්‍රිය රැප් ගායන ශිල්පියෙකු වන ෆිල්ටි සමඟින් විවාහ වෙලා මේ යුවලට දැන් පුංචි පුතෙකුත් ඉන්නවා.


නමුත් අවාසනාවකට ඔවුන්ගේ විවාහය දෙදරා ගිය බව හසිනි සැමුවෙල් මුල්වරට පසුගිය දා අනාවරණය කළා. හසිනි දැන් අම්මා කෙනෙක්. කුඩා වයසකදී අම්මා කෙනෙක් වුණු එක ඇයට ලොකු අභියෝගයක් වුණා කියන එක රහසක් නෙවෙයි. මේ ඇය ඒ ගැන කිව්ව කතාව..

"මට තිබ්බ් ප්‍රශ්නෙ මුලින්ම බබා අල්ලන්න පවා මම දන්නෙ නෑ. ඒ නිසා මට අමාරු වුණා. බබාට ප්‍රශ්නයක් වුණේ නෑ. පස්සෙ තමා පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගත්තෙ..."

"බබා හම්බුණාට පස්සෙ නම් වේදනාවක් දැණුනා. ඒ වුණාට මගේ හබී ළඟ හිටියනේ. බෙඩ් එකේ රෙස්ට් කරද්දිත් බබා අල්ලන් හිටියෙත් එයා. අරයා අල්ලගෙන ආදරෙන් බහින්න කියද්දි කූල් ඩවුන් වෙලා ගියා.."

"මම නම් කියන්නෙ, අනිවාර්යයෙන් විවාහයක් ඇතුළේ අම්මා තාත්තා එකට බැඳිලා තමා දරුවෙක් හදන්න ඕන. පවුලක් රැකගන්න අනිවාර්යයෙන් අම්මා තාත්තා ඉන්න ඕනෙ. නමුත් නොගැළපීම් තියනව නම් ඒ තියෙන ප්‍රශ්න දරුවගේ පිටින් යනවට වඩා කතා වෙලා ඩිවෝස් වෙන එක හොඳයි."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements