Featured News

Video Gossip

Advertisement

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය වේගා මෝටර් රථය ලියාපදිංචි කෙරේ

මෙරට නිෂ්පාදිත වේගා මෝටර් රථය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය අද (මාර්තු 3) හිමි විය.

ඒ අනුව, පූර්ණ වශයෙන් මෙරටදී නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් ලියාපදිංචි කරන ලද ප්‍රථම අවස්ථාව මෙය යි.

ලියාපදිංචි කරන ලද පළමු වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව නිකුත් කිරීම අද (මාර්තු 3) ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.එම අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වේගා මෝටර් රථය නිර්මාණය කළ කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගමේ හිමිකරු ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා වෙත ලබා දුන්නේය.

කෝඩ්ජෙන් සමාගම 2014 වසරේදී මෙම මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළේ ය.

සුපර් කාර් ගණයට වැටෙන මෙම රථයේ සියලු කොටස් සහ මෘදුකාංග ශ්‍රී ලංකාව තුළ ම නිර්මාණය කර නිපදවීම විශේෂත්වයකි.

වේගා කාර් රථය පැයට කිලෝමීටර් 240ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි අතර එක් වරක් බැටරිය ආරෝපණය (Charge) කිරීමෙන් පසු කිලෝමීටර් 240ක උපරිම දුරක් ධාවනය කිරීමේ හැකියාව පවතී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements