Featured News

Video Gossip

Advertisement

ගෝඨාභය ආණ්ඩුව සමයේ  සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්..

පසුගිය ගෝඨාභය ආණ්ඩුවට එල්ල වූ දැවැන්තම ඡෝදනාවක් වූයේ සුදුලූණු වංචාවක් සිදු කරමින් බිලියන ගණනක් රටට අහිමි කිරීමයි.. 

බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍ය සමයේ සතොස හරහා සිදු වූ මෙම වංචාව සම්භන්ධව එම ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මිලදී ගැනීම් ලෙස සිටි චමිලා ජයන්ති අසුරමානව රහස් පොලීසිය විසින් අත අඩංගුවට ගත් අතර, අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත නිදහස් කරනු ලැබිණ. 

එම නඩුව අවසන් වීමටත් මත්තෙන් එවකට හිටපු වෙළඳ ඇමති සහ වත්මන් මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තමන්ගේ අමත්‍යාංශයට අයත් මඟ නැඟුම ආයතනයේ මූල්‍ය උපදේෂක තනතුර මේ වනවිට ඇයට පිරි නමා තිබේ. 

ඒ මසකට රුපියල් තුන් ලක්ෂ පනස් දහසක මාසික වැටුපක් සහ ඊට අමතරව නිල රථයක්, ඉන්ධන දීමනාවක්, ජීවන වියදම් දීමනාවක් සහ දුරකථන දීමනාවක්ද සහිතවයි.. 

මීට අමතරව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් තනතුර හොබවන මහේෂ් වික්‍රම නම් පුද්ගලයාට මාධ්‍ය ලේකම් තනතුරේ වැටුප් හා වරප්‍රසාද වලට අමතරව, මඟ නැඟුම ආයතනයේ විධායක අධ්‍යක්ෂ තනතුර ලබා දී ඇත්තේ මසකට රුපියල් ලක්ෂ හතරකට මඳක් වැඩි වැටුපක් හා ඊට අමතරව බත්තරමුල්ලෙන් නිල නිවෙසක්, නිල වාහන තුනක්, සහ තවත් විවිධ දීමනාවන් රැසක් ද සමඟයි. 

මේ පත්වීම් ලබා දෙන්නේ, මඟ නැඟුම ආයතනය පාඩු ලබන ආයතනයක් සේ හඳුනාගෙන සාමාන්‍ය සේවකයන් 600කට වඩා වැඩි ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන අතරතුර වීම විශේෂත්වයක්..

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements