Featured News

Video Gossip

Advertisement

අමල් පෙරේරාගේ බිරිද ශිරෝෂි රොමේෂිකා 
දැඩි සත්කාර ඒ්කකයට ගෙන ගිය 
බෙන්තොටදී  සිදු වුන අනතුර ගැන කියපු කතාව 

ප්‍රකට රංගන හා නර්තන ශිල්පිණියක වන ශිරෝෂි රොමේෂිකා පසුගියදා සිදුවූ අනපේක්ෂිත අනතුරකින් තුවාල ලබා අසාධ්‍යවී මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව අප ඔබට මීට පෙර පැවසුවා.

ඇය බෙන්තොට ප්‍රදේශයේ ජෙට් ස්කයි ක්‍රීඩාවේ නිරතව සිටියදී මුහුණට මුහුණ තවත් යාත්‍රාවක හැපී මේ අනතුර සිදුව තිබුණා. දින ගණනාවක් රෝහල් ගතවී සිටි ඇයට දැන් සුවය ලැබී තිබේ.ඇය සතිඅන්ත පුවත්පතකට සිද්ධිය විස්තර කර තිබුනේ මෙලෙසයි...

‘අපි යාළු කට්ටිය පොඩි 'ට්‍රිප්' එකක් ගියා. එදා මම තවත් යාළුවෙක් එක්ක Jet Ski එකක් පැද්දා. ඒක පැදලා ඉවරවෙලා අවසන් කරද්දී තමයි තවත් jet Ski එකක් ඇවිත් මගේ එකේ හැපුණේ.

එදා මුලින්ම මාව වතුරට වැටුණා. ඇත්තටම ඒ වතුරට වැටෙද්දීම මට මගේ දෝණිව මතක් වුණා.

මාත් එක්ක එයත් ඒ ගමන ගියා. හැබැයි හොඳ වෙලාවට දූ ඒ Jet Ski එකේ ගියේ නැහැ. දුව මතක් වුණාට පස්සේ මට මගේ කකුල ලොකු අවුලක් වෙලා තියෙනවා කියලා දැනුණා.

ඒ නිසා මට ආපසු නටන්න බැරිවෙයිදෝ කියල මට හිතුණා. ඒ හැමදේම මට හිතුණා.

වතුරෙන් උඩට ආවට පස්සේ "මට අමාරුයි” කියලා මම කෑගැහුවා.
ඇස් බොඳවුණා. සැරෙන් සැරේ සිහිය නැතිවුණා. නාගොඩ රෝහලට ගියත් මට ඒ දවස එතරම් මතක් වුණේ නැහැ. පහුවදා උදේ වනතුරු මගේ සැත්කම කරනතුරු මම අමාරුවෙන් හිටියා.

මාව වතුරෙන් ගොඩට ගෙනිච්චට පස්සේ දුව කෑගහගෙන මම ළඟට දුවගෙන ඇවිත් මට එයාව ඇස් දෙකෙන් පෙනුණා. “අම්මා... අම්මා……”

කියල එයා කතාකරනවා මට යාන්තමට මතකයි. හැබැයි මාව රෝහලට ගෙනියද්දී එයා ගොඩක් අඬල තියෙනවා. මම රෝහලේ දවස් කිහිපයක්ම හිටියා.

ඒ හැම මොහොතකම මට මතක් වුණේ එයාවයි.

දැන්නම් හිටියට වඩා ගොඩක් සනීපයි. හැබැයි තවත් ටිකක් විවේක ගන්න ඕනේ කියලයි වෛද්‍යවරුන් කිව්වේ. මහන්සිවෙලා තවම වැඩ කරන්නේ නැහැ.

 ඒ නිසා දැනට කරන්න පුළුවන් වැඩ ටික හෙමිහිට කරගන්නවා. හැබැයි හිතුවාටත් වඩා ඉක්මණින් දැන් ගොඩක් සුවයි. ඒකට නාගොඩ රෝහලේ හිටපු වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය
මණ්ඩලයටත් නවලෝක රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් ස්තූති කරන්න ඕනේ.

 ඒ වගේම මගේ අසනීපය හොයලා බලපු මගේ යාළුවෝ, මගේ පවුලේ සියලුදෙනා ඇතුළු හැම දෙනාමත් ආදරයෙන් මතක් කරනවා. ගොඩක් ස්තූතියි ඒ හැමදෙනාටම.‘

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements