Featured News

Video Gossip

Advertisement

තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ 
උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද?
(VIDEO)

පසුගියදා (25) රාත්‍රී පැවති රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම සම්මානයට ලක්වූයේ වොල්ගා කල්පනී (මාණික්කාවත) හා උමාලි තිලකරත්න (පීතෘ) දෙදෙනාය.

මොවුන් වේදිකාවේ සම්මාන ලබාගැනීමෙන් අනතුරුව අදහස් දැක්වීමේ කෙටි අවස්ථාවක් පැවති අතර මයික්‍රෆෝනය සමග එතැනට පැමිණියේ රවීන් කණිෂ්කයි. මෙදින නිවේදකයෙකු ලෙස සාරංග හා රවීන් මාරුවෙන් මාරුවට සිටි අතර සාරංග එම අවස්ථාවේ සිටියේ නැත.රවීන් උමාලිගෙන් ඇසූ මුල් පැනය සම සම්මාන ලැබීම ගැනයි. එයට පිළිතුරු ලෙස උමාලි, සම්මාන සදහා නිර්දේශවූ සියලු අය දක්ෂයින් බවත් ඒනිසා සම්මාන බෙදීයාම ගැටලුකාරී යයි කල්පණා නොකරන බවත් කියා සිටියාය.

කතාව අවසන් කර ඔවුන්ට අත්පොළසන් පිරිනමා වේදිකාවෙන් පිටව යන්නට අවස්ථාව සැලසූ නමුත් ඒ වෙලාවෙ උමාලි රවින්ට යමක් දන්වමින් ටික වේලාවක් ඉල්ලාගෙන තවත් යමක් පැවසිය යුතු යයි කියමින් කතාවක් කළාය.

ඇය රවින්ගෙන් මයික්‍රෆෝනය ගෙන මෙහෙම කිවුවා.

" සමාවෙන්න මම තව පොඩි වෙලාවක් ගන්නවා ..පීතෘ නාට්‍යයේ අපි ඉදිරිපත් කරන්න උත්සාහ කළේ සයිබර් අවකාශයේ සිදුවන අපරාධ සම්බන්දයෙන් විශේෂයෙන්ම. සයිබර් අවකාශයේ සිදුවන අපරාධ සම්බන්දයෙන් දැඩි නීතියක් ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඔබ හොඳින් හිතලා බැලුවොතින් හුගක් දෙනෙක්ගේ පුද්ගලිකත්වයට හානිකරවන විදිහට පුද්ගලිකත්වය ආක්‍රමණය කරමින් සයිබර් අවකාශයේ විශාල අපරාධ ගොන්නක් සිදුවෙමින් පවතිනවා. මේක අපිට ගන්න පුළුවන් මානසික හිංසනය යටතේත් ..

ඉන්දියාවේ වසර හතක සිර දඬුවම් නියම කරනවා මෙවැනි අපරාධකරුවන්ට. ලංකාවේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ .

පීතෘ නරඹපු අයට දැකගන්න පුළුවන් වෙන්න ඇති මේ වගේ මානසික දුර්වලතා ඇති පුද්ගලයන් නිසා සමාජය අඩපන වෙනවා . ඉතිං ඒ වගේ දේවල්වලට අපි හැමෝම එකාමෙන් හඬ නගන්න පුලුවන්නම් ඉතා හොඳයි කියලා මම හිතනවා .

මම ඉල්ලීමක් කරනවා, ආයාචනයක් කරනවා, විශේෂයෙන්ම අපි ආදරය කරනවානම් ... ආදරය පිරෙන්නේ ආදරයෙන් විතරයි, ආදරය කරනවානම් එක හිතින් අවංකවම ආදරේ කරන්න ඕනේ. තවත් කෙනෙක්ගේ මානසික නිදහසට කරදර නොකර. නමුත් අදකාලේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ තමන්ව අත්හැරදා ගියා කියලා ඒ වෙනුවෙන් වෛර බඳින ක්‍රෝධ කරන උදවිය ගැන . අපි එහෙම නොවෙන සමාජයක් උදෙසා කටයුතු කරමු කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා "


උමාලි ඒ දුන් වටිනා පණිවිඩය මේ වනවිට සයිබර් අවකාශයේ බොහෝ අය විවිධ අර්ථ දනවමින් සිටී .

කෙසේවුවද උමාලි ඒ කළ ප්‍රකාශය ඉතා වැදගත්ය. කාලින ය


එම අවස්ථාවේ වීඩියෝ කොටස පහතින්..

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements